Friday, December 1, 2017

අන්ධකාරයි වැසුණු දෑසක් සේ

Image may contain: one or more people, people standing, ocean, sky, cloud, outdoor and water

අන්ධකාරයි
වැසුණු දෑසක් සේ
නොපෙනේ ඉර හඳ
මගෙ සොඳුරු අහසේ..

සිතේ උණුසුම් පැතුම් පොරකන
සිත තුළේ මැරී මැරී ඉපදේ
සීත සුව සෙව් සැදුනු රුක්වල
ජීවේ ඇනි ඇනි දෑස තෙත් වේ..

බිඟුන් මී බැඳී සිනිදු මල් ඇති
සුවඳ පිරි රජ දහන සෙව්වෙමි
චණ්ඩ සයුරක රුදුරු රළ පෙළ
අතර මැඳි වුනු පරඩලක් වෙමි ....

ගායනය -වික්ටර් රත්නායක
ගී පද - ?
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
වැඩි විස්තර මෙතැනින්

Tuesday, September 12, 2017

බිංදු බිංදු රන් ගෝමර මාලා


ජන කවි ආශ්‍රිතව බිහි වුන සින්දු අපේ හද ගන්නේ ජන කවිය තුළ අපට ඇති කිට්ටු බව හා ජන විඥානය නිසා ද කියලා හිතෙනවා. ජන කවි ආශ්‍රයෙන් නිර්මාණය වූ ගීත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජන කවි නාද රටා ඇසුරෙන් සංගීතය නිර්මාණය කොට ඇති ගීත. අනික තමයි ජන කවි ඇසුරෙන් පද මාලා රචනා කොට ඇති ගීත. ජන කවි ඇසුරෙන් පදමාලාව රචිත ගී සමහරක ජන ගී නාද මාලා භාවිත කරලා නැහැ (උදා - මිනි මිනි පොදේ). ජන නාද රටා ඇති ගීත සියල්ලකම පදමාලාවන් ජන කවි ඇසුරෙන් ලියා ඇත්තේ ද නැහැ (උදා - රුක් අත්තන මල මුදුනේ). මෙම කවි/ගීත එකතුවේ ඇතුළත් වන්නේ පළමු වර්ගයට අයත් ජන කවියේ පද වලින් ඍජුවම හෝ ඉතා සුළු වශයෙන් ගී පද වලට ආභාසයක් ලබුවා කියලා හිතෙන ගීත විතරයි. සමහර විට ගීතයේ යම් පද කිහිපයක් පමණක් ජන කවියකට සමාන හෝ ජන කවියක් මතක් වෙන ගීතත් දාලා ඇති (උදා: බණ්ඩාර මැණිකේ). ගී තනුවට ජන කවියේ ආබාසය ලැබූ ගීත මෙම ලැයිස්තුවට ඇතුළත් නොවුනත් ඉඳ හිට ඒ වර්ගයේ එකක් දෙකක් දාලා ඇති.

Wednesday, August 30, 2017

කැන්දේ ලියද්දේ

කැන්දේ ලියද්දෙ වනාතෙ නෙළද්දි
පළා තනි පංගලමේ
මන්ද මමත් සිටියා නොව හැංගිල
හේඩාවෙ පන්දලමේ

වාගෙන මන් සිටියා බැරුවා රං
දේදුන්නෙ සෙයියා තිගේ
නාගෙන එද්දි වගෙයි අහන්නට
හිත දුන්නෙ ඒකයි නගේ

හේනත් සරුයි දුටු හීනත් සැබෑවන
කාලෙ ඉතිං ළඟමයි
නෑනත් මගෙයි ගෙයි පානත් නුඹයි
නුඹෙ කෝලෙ අගෙයි අරුමයි

ගායනය හා සංගීතය - අානන්ද විජේරත්න
ගී පද - සාලිය ගුණවර්ධන

(ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකු වන ප්‍රවීණ ගායන ශිල්පී අානන්ද විජේරත්නයන් ගයන “කැන්ද ලියද්දෙ වනාතෙ නෙළද්දි” නම් ගීතය දැන් නෑසෙන මට්ටමේ ගීතයකි.)
වැඩි විස්තර මෙතැනින්

වලාරොදක් තුළ


වලාරොදක් තුළ සැඟවුණු දිය බිඳු
පොලොවට පතිත වුණා සේ
යෞවන හදගැබ අැවිලෙන ගිණිදඬු
සේදී නිමී ගියාවේ
සේදී නිමී ගියාවේ

මව්කිරි බිඳකින් දැඩිවුණු සිරුරට
වස විස කවා පොවාලා
රට වෙනුවෙන් රැකගත යුතු ජීවිත
වනසා නසා දමාලා
වනසා නසා දමාලා

රටදැය සරසන බුදුබණ අදහන
දරුවන් වගේ හැදීලා
හුරු ගති අත්හැර බලමැන අැස්හැර
ගුණදම් ගඟේ ගිලීලා
ගුණදම් ගඟේ ගිලීලා

ගායනය : ලෙස්ලි ශාන්ත ද අල්විස්
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් බාලසූරිය
වැඩි විස්තර මෙතැනින්

Wednesday, August 9, 2017

බිලිඳු හඬක උරුමය




වැලිබත් ඉදෙනා තරුණ්‍ය පිබිදි
හිරිමල්විය නෙතු ඇඳුණා....
පුංචිම සංදිය යලි සිහිවෙන සඳ
බිලිඳු හඬක උරුමය තිබුණා

බොනික්කන් නම් උකුලුතලා
අද බිලිඳුන්ගේ මුදු සුවයහනා
කිරිසුවඳක් පිඳු දෙතොල් අඟින්
දරු නැලවිල්ලක මුදු හඬ නඟනා

පුංචි වියේ මුඳු සිත් රැවටූ
සඳ රන් තැටියෙන් රන්කිරි ඉල්ලා
මෙදා ඇකයෙ රැදි බිළිඳුන් දරයි
අතීතයේ මතකයට හොරා........

වැලිබත් ඉදෙනා තරුණ්‍ය පිබිදි
හිරිමල්විය නෙතු ඇඳුණා....
පුංචිම සංදිය යලි සිහිවෙන සඳ
බිලිඳු හඬක උරුමය තිබුණා

ගී පද -වසන්ත කුමාර කොබවක
සංගීතය -තිස්සසිරි පෙරේරා
ගායනය -මාලිනී බුලත්සිංහල

Thursday, July 27, 2017

නිවන් පතන ලෝ දන වෙත



නිවන් පතන ලෝ දන වෙත
පවන් පොදක් ලෙසින් හැමුව
බුදු බන පදයෙන්
සත් වග සිත් සැනසේවා..

ලස්සන හැම දේම පැලද
මොහොතක සුව පතන ලොවට
සම්බුදු හිමි පෑ අනියත බව වැටහේවා...

සිත් තුල පොදි ගැසී තිබෙන
තිත් ගනදුර නිවා ලන්න
මෙත් මුදිතා අරුන රැසින නෙත් පෑදේවා..

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය - සරත් දසනායක
වැඩි විස්තර

නැගෙන විට සිහියට අතීතය



නැගෙන විට සිහියට අතීතය
තවම දෙනෙතින් කඳුළු උතුරයි
පැරණි නටඹුන් ඉදිරියේදී
ලේ නහර පණ පෙවී නලියයි...

එදා සිංහල කොඩිය සෙවනේ
ජාතියක් ගොඩ නැංවුණා
වහල් බැම්මෙන් බැඳුන දා රට
සිංහ කොඩියේ සිංහයා
එදා අඩපණ වී ගියා...

පුපුරවා හැර ඒ වහල් බැමි
යලිත් අප ජය ලබා ඇත්තෙමු
සිංහ කොඩියේ සිංහයා යලි
ප්‍රාණ වායුව ලබා හිනැහේ...

උපන් ලක්බිම සිංහ කොඩියයි
සිංහයින් මෙන් අවි දැරූ
රටේ අයිතිය රැක ගමු
රටේ අයිතිය රැක ගමු...

නැගෙන විට සිහියට...

ගායනය -  ඩී.ඩී ගුණසේන
ගී පද - ජිනදාස පෙරේරා
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
වැඩි විස්තර සඳහා

වීර මීමුතුන් හෙළූ




වීර මීමුතුන් හෙළූ ස්වර්ණ දාහයේ
නතීවාපි රළ ගයන්නේ යසෝ ගී ගැයුම්
නිදහසින් උදම් අනා නොනවතින් පුතේ
පුරන් කෙත් දිනේ දකින්න රන් කරල් රැගුම්

සිංදු සදිසි වැව් තනා අහස් දිය පුරා
මහිම ගොවි බීමේ එතෙරත් සහල් නැව් යැවූ
අහස් වදින සෑ රදුන් කොත් කිරුළු පලන්
වෙහෙර පිළිම දඹ රන්මය විශ්මිතයි තැනූ

අභිමනින් ඔද වැඩී පෙරටුවේ ඇදී
රුපුන් ඔද නසා නිජ බිම සුරැකි විරු පුතුන්
ඇදුණු අභිරූ මග යමින් සිග විකුම් තෙදින්
දෙසත් රැසත් අවදි කරමු බැති පෙමින් බැදී

ගායනය - යමුනා විනෝදිනී
පද රචනය - ජයම්පති අල්ගම
සංගීතය - එම් ආර් චූලසිංහ
වැඩි විස්තර සඳහා මෙතැනට යන්න

Friday, June 30, 2017

මල් පෙති දහසක්



මල් පෙති දහසක් ඉහිරුණු මාවත
අප පියමැන ගිය දින මතකයි
දේදුණු පැහැ ගත් සමනළ රෑනක්
අප නැළවූ සැටි තව මතකයි..
ආ..හා ආ..

මල් පෙති දහසක් දස අත විසිරුණු
නැවුම් සුවඳ තවමත් මතකයි..
අතිනත පටලා අප තෙපලූ බස්
මලින් මලට ඇසුනා මතකයි..
ආ..හා..ආ..

ලොවම එරෙහිවී ඔබ වෙන්වූ දින
සිත ඉකිබිඳ හැඬුවා මතකයි..
දිවිහිමියෙන් මා ඔබ වෙත පුද දුන්
සෙනෙහස මියගිය හැටි මතකයි..
ආ..හා..ආ..

ගායනය : සුජීවා ප්‍රියන්ති
පද රචනය : ලලිත් ගුණරත්න
සංගීතය : රෝහණ වීරසිංහ.


නෙතක් උපන්නේ



නෙතක් උපන්නේ ඔබව දකින්නයි..
නෙතට අහිමිවූ එකම රුවත් ඔබමයි..
සවන් උපන්නේ ඔබව අසන්නයි
කනට අහිමිවූ එකම හඬත් ඔබමයි
වටහාගනු බැරි එකම සිතත් ඔබගෙයි...

රන්හුයකින් බැඳ සිරකර තැබුවේ
ඔබේ නමට පිදු නිකළැල් ආදරයයි..
මෙවුළේ මුතුකැට වී දිදුලන්නේ
ඔබේ පෙමට හඬනා දෑසක කඳුළුයි..

නෙතක් උපන්නේ......

මල් යහනේ සැතපෙන තුන්යාමේ
සිතින් සොයන්නේ ඔබෙ සුසුමක සිහිළයි..
නුහුරු ලොවක රැජිනක වී ඇත්තේ
හිසේ රැඳියයුතු මිණි කිරුළක් නැතිවයි..
නෙතක් උපන්නේ....

ගායනය : සුජීවා ප්‍රියන්ති
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
වැඩි විස්තර

Wednesday, June 28, 2017

දොම්පෙට යන පාර කියපියෝ


පිටිසරබද ආදි කාළයේ...
ගමයෙක් විය පරණ තාලයේ...
තරහ ගියොත් මිනිහ හරි සැරයි
බඹරේ වගේ ගමන කඩිසරයි
ගමරාළගේ පූරුවේ පවින්
කන් ඇහෙන්නේ නැතිලු දෙවියනේ
ගමයෝදිය තමයි ඒ පැලේ
වැඩ කටයුතු පිළිවෙලක් කලේ
ගමමහගෙත් බිහිරි වු කෙනෙක්
ඒක නිසයි දෙන්නා පෑහුනේ
දෙදෙනාගෙම කන ඇහෙන්නේ නෑ
ලණුවයි කණුවයි වගේ තමා
ගෙදර උන්නේ එකම තරුණියයි
ගම යුවලගේ කොමළ දියණියයි
චීත්තයක් සමග මල් රැදී
බදට කැපෙන හැට්ටයක් අදී
කරේ බැන්ද පබළු වැට පොටයි
අතේ බම්බු වළලු දෙක නටයි
දුටුව තරුණයන්ගේ ඇස් පිනයි
මුතු කුමාරි වාගේ ලස්සනයි
රෝස මලෙත් නටුවේ කටු තිබේ..
ඒ ළමිස්සි බිහිරි විය ඉබේ
ගමරාළගේ බිහිරි පවුලකි
එතන ගෙදර නිතර අවුලකි
පවුල බලා කිකිළි නටනවා
නටන කිකිළි කෙකර ගානවා
ගමරාළගේ කොටුව මේරුවා
ගමයා බතල ටිකක් හෑරුවා
මේ වෙළාවේ තරුණයෙක් ඇවිත්
දොම්පෙට යන පාර අහනවා
බිහිරි ගමයා බතල ගැන හිතා
ලාබට දෙනවා හිටිං පුතා
ලොක්කෝ ඔය බතල මට එපා
දොම්පෙට යන පාර කියනවා
බතල හොදට පැහිලා තියෙනවා
හාරනකල් ටිකක් හිටිනවා
මම ඇහැව්වේ පාර නොවෙද ඕයි
තමුසේ බතල කතාවක් අහයි
කෙහෙල් මලක් දන්නේ නෑ වෙනින්
ලොක්කි ඉන්නේ ගිහින් අහගනින්
දොම්පෙට යන පාර කොයිබදෝ
අම්මේ මට කියා දෙන්නකෝ
වියපු පැදුර දැන්ම දෙන්න බෑ
සායම් ටික දමා ඉවර නෑ
උඹේ උලව් පැදුර මට එපා
දොම්පෙට යන පාර කියපියෝ
මිළ වැඩි නෑ හරි ගජ ලාබයි
සායම නෑ දෙන්නට ලෝබයි
මේකත් මහ බිහිරි හටනයක්
උඹේ ගෙදර නැද්ද වෙන කෙනෙක්
අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්
මේ මිනිහට පැදුර ගැන කියන්
උඹවත් දැන් ඉතිං නංගියේ
දොම්පෙට යන පාර කියාපන්
තරුණෙක් මට එනවා යැයි කියා
කපුටා කීවේ මේ තමයි එයා
අම්මා අප්පා දෙන්නා කැමති නම්
කසාදයට බොහොම කැමති මං....

එච්. එම්. වී. තැටියක පටිගත කෙරුණු පළමුවන විරිඳුව වූයේ "දොම්පෙට යන පාර කොයිබදෝ" විරිඳුවයි. යූ. ඒ. එස්‌. පෙරේරා මහතාගේ තවත් අනර්ඝ නිර්මාණයක්‌

ගීතය අහන්න  වැඩි විස්තර සඳහා 

Thursday, June 22, 2017

ඔබේ මාවත එයයි ..

Image result for බණ්ඩාර කේ. විජේතුංග

ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි
එකිනෙකට වෙනස් වුණ
දෙඅතකට ඇදී යන
ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි

මේ නුහුරු දෙමාවත
එක් වෙතැයි යම් දිනක
කුමට ඔබ අප දෙදෙන
එකිනෙකා රවටමු ද

සියලු දුක් නිවාරණ
කෙම් බිමක් හමුවෙතැයි
මමත් නොසිතමි ළඳුනි
ඔබත් නොසිතනු මැනවි

පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
තනුව සහ සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

වැඩි විස්තර  ඉදිරිපත් කලේ Chiran Windsor

Tuesday, June 20, 2017

කිරි සයුරින් මතු වූ



කිරි සයුරින් මතු වූ කිරි බුබුලක් ලෙසිනා
කිරි වෙහෙරේ කොත මුදුනින් බුදු රැස් ගලනා
බුදු සිරිපා පියුමින් පින් සුවඳක් දැනෙනා
සාධු නදී ගලා බසී මහා මෙත් කරුණා

භක්ති ප්‍රේමයෙන් ප්‍රණාම චිත්තයෙන් පැතූ පැතුම්
චිත්තයෙන් පැතූ පැතුම්

දිව්‍ය නේත්‍රයෙන් දකීවි ඉෂ්ට දේවයන් ලෙසේ
සර්ව ලෝක පූජනීය ධීර වීර භාග්‍ය වූ
කන්ද දේව දේව රාජ පා පියුම් වඳිම් සදා

තාරකාදි අසුර ශක්ති සින්ද සිංහ තේජසින්
නයනනීය වල්ලි කෝමලාන්ගිකාව හා විසූ

ගැයුම - ආචාර්ය වික්ටර් රත්නායක
ගායන සහාය- විමල් ජේ .සාගර
සංගීතය- ෂෙල්ටන් ප්‍රේමරත්න/
ගී පද - ධර්මසිරි ගමගේ
(ගීතය යොමු කලේ Piyasiri Gunasinghe)
ගීතය අහන්න

වැඩි විස්තර

Monday, June 19, 2017

මා හඹා ගිය සම්පතක්

Image result for මහින්ද දිසානායක

මා හඹා ගිය සම්පතක්
සොයා ආ දා මා නිවසේ
හඹා ගිය දා තිබූ ආශා
මා වෙතින් දැන් පලා ගොස්

විජිතයක් බඳු ප්‍රේමයක්
පතා කළ සංග්‍රාමයක්
දිනා ලද අභිෂේකයෙන් පසු
දැනේවිද එහි අරුමයක්

නොනිමි ගමනේ විඩාවක්
නිවාලන විසිතුරු විලක්
දැක ගිලී සැණාසි නිවුණු පසු
දැනේවිද පෙර අසිරියක්

ගී පද - මහින්ද දිසානායක
ගායනය/සංගීතය -ගුණදාස කපුගේ


Sunday, June 18, 2017

තනිව සිටින යාමේ

තනිව සිටින යාමේ
නිරතුරුව ම සිහිවේ කෙදිනක හෝ ඔබ
එනු මැන කුමරිය මා හද දෙවොල බලා... හමු වුණු ඒ මුල් දිනයේ දහසක් පැතුමන් හදේ දරා ඔබ ගෙන යන්නට මගෙ ලොවේ පැතුවෙමි මා ඔබ දිවා රැයේ බහ දුන් හද හිමි ළඳුනේ ඔබේ අත සුරකිමි නො සැලි සදා එනු මැන මා වෙත ඉගිළී වහා පිළිගමි ඉන්නට මියෙන තුරා ගායනය: ඇන්ටන් ජයකොඩි පද රචනය සහ සංගීතය: කමල් ජේ. බර්නාඩ්
වැඩි විස්තර (ගීතය යොමු කලේ Chiran Windsor )

දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න


ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න
දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න
හොඳමයි අම්මේ කියන්න
තරුණ වියට පැමිණිනු උඹ තනි මග බැස එපා යන්න
කරණ කියන හැම කටයුතු මව්පියො අනුදැන කරන්න
මව්පියන්ට ගරු කරණෙමි
කපටි තරුණො සිටිති මූණ පුයර ටිකෙන් ඔපය කරන
රැවටි උන්ගෙ කපටි රුවට එපා දුවේ දෙන්න මුහුණ
සිතට ගතිමි ඒ ඔවදන
බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටෙන් දුවේ උඹට නැත කාරිය
ඒක සැබැයි සැබැයි සැබැයි
නිවෙස් ඇමද මැහුම් ගෙතුම් ගේ දොර වැඩ මිසක් එහෙම
ටෙනිස් ගැහිලි ඩාන්ස් නැටිලි එපා දුවේ නැටුම් ගැයුම
අපට මොටද රට කෝලං
හොද්දට ලුනු ඇඹුල් දමන පදම ඉගෙන ගනිං දුවේ
මැද්දට පැන වැඩිහිටියන් සමග විහිළු කැතයි දුවේ
මුදුණෙන් පිළි ගත්ත ඒක
හිත් ලොල් වී උදේ හවස දහමෙහි කටයුතු කරන්න
අත් වැල් බැඳ තරුණන් හා හඳපානේ එපා යන්න
එය සිංහල අපට කැතයි
කම් පල නැති කතාවලට ගෑණු ගෑණු එකතු වෙමින
ගෙන් ගෙට හැසිරීම දුවේ නින්දාවට වෙයි කාරණ
ලැජ්ජ නැද්ද එහෙම යන්න
ගෙයින් පිටත සද්දෙ යන්න එපා දුවේ බස් දොඩන්න
කයින් සිතින් වචනෙන් සිදුවිය හැකි පාපෙන් මිදෙන්න
ඉන් දෙලොවට සෙත සැදේවි
බාරියකගෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ
පඬිවරයෙක් කියා තිබේ
පහදා සිත් සිහල බාසෙ ඉගෙන ගනිං ගොත නොවෙන්න
කවදාවත් එපා දුවේ අම්මට මම්මා කියන්න
කවදාවත් නෑ කියන්නෙ
කිසිවිට මව්පිය ගුරුවර වැඩිහිටියන් කියන බසට
එකටෙක නොකියන්න දුවේ මගෙ ඔවදන ගනිං හිතට
පිං අත්වෙයි මෑණියන්ට
උඹේ රූපෙ ඔප කරන්න එපා දුවේ අමුතු පැෂන්
ඉබේම රුව ලස්සන වෙයි යහපත් කල්කිරියාවෙන්
යහපත් ගුණ තමයි රූපෙ

ගායනය -රුක්මනී දේවි සමග ප්‍රිසිලා ඕපාත
ගී පද - ?
සංගීතය - ?
වැඩි විස්තර

Saturday, June 17, 2017

මෝඩ මනමාලයා


කුඹුරු වැඩට වෙළඳාමට ගොන් දෙබානේ සී සෑමට
පොර පොල් ගැහුමටත් දැනෙන ගමක් හිටියා
ගමයා ටිකක් මේරුවාට තව කසාද බන්දලත් නෑ
දවසක් අම්මා මිනිහට කාරණා කියා
ළමයෝ සිරිමල් එතනා හද වැඩ ඇති බුහුටි කෙල්ල
හැමදාම මෙහි ඉඳීම උඹට සුදුසු නෑ
මැහුම් ගෙතුම් ඉවුම් පිහුම් පැදුරු විවුම කිරිදෙවිම
ලපටි උනත් පුරුදු නිසා කෙල්ල වටිනවා
මෙසේ කියා තම පුතාගේ සතුට ලබා දිනක්
සිරිමල් එතනාගේ පියාහට කතා කළා
සිරිමල් එතනාගේ පියා කටයුත්තට කැමතිවෙලා
බෑනගේ වගතුග බලන්න එවන්නට කිවා
රට අලගෙඩි හත අටකුයි ලඟදි කඩපු ඇටඹ ටිකයි
කොස්ගේදියක මදුළු සමහ දුන්නා අම්මා
ගෙදර එන්න සරසෙනකොට
කරුන මොකද කියා සැකයි
මාමණ්ඩිය ඉදිකටුවක් ගමයට දුන්නා
බෑනා ඉදිකටුව අතේ ගෙදර ගියා
නමුත් මිනිහා දන්නෙම නෑ මඟදී නැතිවුනා
අම්මා මේ පුවත අසා ගිණිපෙල්ලක් විලස කිපී
මොකද ළමයා සැලකිලිමත් නැත්තේ වසකැතයි
මීට පසුව ඔහොම දෙයක් කමිසේ ගසා අරන් ඇවිත්
පරිස්සමෙන් අම්මාහට බාරදිය යුතුයි
අම්මේ මට සමාවෙන්න එහෙම තමා මීට පසුව
සිරිමල් එතනාට හැබැයි කියන්නට එපා
තව දවසක් මාමන්ඩිගේ ගෙදරට ගිය බෑනා හට
එදා තෑගී ලැබුනෙ කදිම බළල් පැටියෙකුයි
මිනිහා පාරට ගොඩවී මෑණියන්ගේ බස සිහිවී
මාමා දුන්නු බළල් පැටියා කමිසේ ගැහැව්වා
බළල් පැටියා කලබලවී පපුව ටිකක් පහුරු ගාලා
අසල තිබුන බට කාලෙට ගොසින් සැඟවුනා
ඇයි මෝඩයෝ ඔහොම දෙයක් ලණු පොටකින් ගැටගහගෙන
අරන් එන්න ඔනෑ කියා මෑණියෝ කිවා
ඊට පසුව මාමණ්ඩිය ලෝබ නැතිව හිතාමතා
බැනන්ඩිට තෑගී දුන්නේ ඌරු ගාතයයි
බෑනා ටිකක් ඈත ගිහින් දිග ඇති මදු වැලක් කඩා
ඌරු ගාතේ කොනක බැඳන් බිම ඇදන් ගියා
සෑම තැනම වැලි තැවරී ගෙදර ගෙනා ඌරු ගාතේ
පලක් ගන්න නොහැකි නිසා ඇහක විසිකලා
නොදකින් උඹ නොදෝමකින් මීට පසුව දුන්නු දෙයක්
කරේ තබා අරන් එන්න ඉගෙන ගනින් දැන්
දැන් මිනිහා හොඳ පුරුදුයි මාමා ඉන්පසුව දුන්නේ
ලඟදි මුදල් වලට ගෙනා කදිම බූරුවා
මිනිහා මේ බුරුවාව කරේ තියා ගෙන යන්නට
සැරසෙනවිට කලබල වී බූරුවා ගියා
බූරුවාගේ කරට නැඟී පාර දිගේ නම්බු ඇතිව
ආවා නම් ඔන්න අනේ වැඩේ ලස්සනයි
මීට පසුව ගමපුතාට සිරිමල් එතනාගේ පියා
දියණියන්ව ගෙනත් කිව්වා මෙන්න බාරගන්
මාව නුඹට කරේ තියා ගෙන යාමට හැකිද කියා
සිරිමල් එතනාගේ ලඟට වෙලා ඇහුව්වා
මාමා හට මේක ඇසි අනේ උඹට මොන ගෑණුද
කාපන් අර රට තණකොළ කියා පැන්නුවා ....

ගායනය /පද රචනය -යු.ඒ.එස් පෙරේරා හෙවත් සිරි අයියා

වැඩි විස්තර

Friday, June 16, 2017

සුබ උදෑසනක් ......( 1 කොටස )



1. අද ඉපැදුනු නැවුම් ලොවට


අද ඉපැදුනු නැවුම් ලොවට
සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා
හද සුව යහනේ රකින්න


උපන් බිළිඳු නහවන්නට
රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝපත් සෙලවී
මෙත් සිහිලෙන් සුවය දෙතී

දහසක් දෙව් බඹුන් නිතින
තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව
කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී


සහසක් බුදු වදන් නිතර
නැළවිලි ගීයෙන් ගයතී
සිරිදළදා හිමි සරණින්
පිහිට ලබා නිදුක් වෙතී

උපන් පුතුට ලෙවන් අතර
දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට
සමන් දෙවිඳු දෝත දෙතී
සමන් දෙවිඳු දෝත දෙතී


පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

Thursday, June 15, 2017

ආයෙත් ඔබ එවී






වැහි දියට තෙමි 
අව් සැරට දැවී 
කවදා .....හෝ ...
ආයෙත් ඔබ එවී 
සුසුම් සුළඟේ ...

ඉර අවරේ බොඳවූ 
අහසේ හෙවනේ 
දවසක් දා අප හමුවූ 
නිහඬ වෙරළේ ....

මා තනි වූ දා 
රහසේ හැඟුනා 
ආයෙත් ඔබ ඒවී කියා ....

රළ පතරේ අඳුරේ 
නැඟෙන හඬ සේ 
නෙතට හොරා හිත හැඬුවා 
කුරිරු ළඳුනේ ....

පෙම් උමතුවෙන් 
හද කොඳුරාවී ....
ආයෙත් ඔබ ඒවී කියා ....

ගී පද - අජන්තා රණසිංහ 
සංගීතය -ප්‍රේමසිරි කේමදාස 
ගායනය - ටි.එම් ජයරත්න