Tuesday, September 12, 2017

බිංදු බිංදු රන් ගෝමර මාලා


ජන කවි ආශ්‍රිතව බිහි වුන සින්දු අපේ හද ගන්නේ ජන කවිය තුළ අපට ඇති කිට්ටු බව හා ජන විඥානය නිසා ද කියලා හිතෙනවා. ජන කවි ආශ්‍රයෙන් නිර්මාණය වූ ගීත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජන කවි නාද රටා ඇසුරෙන් සංගීතය නිර්මාණය කොට ඇති ගීත. අනික තමයි ජන කවි ඇසුරෙන් පද මාලා රචනා කොට ඇති ගීත. ජන කවි ඇසුරෙන් පදමාලාව රචිත ගී සමහරක ජන ගී නාද මාලා භාවිත කරලා නැහැ (උදා - මිනි මිනි පොදේ). ජන නාද රටා ඇති ගීත සියල්ලකම පදමාලාවන් ජන කවි ඇසුරෙන් ලියා ඇත්තේ ද නැහැ (උදා - රුක් අත්තන මල මුදුනේ). මෙම කවි/ගීත එකතුවේ ඇතුළත් වන්නේ පළමු වර්ගයට අයත් ජන කවියේ පද වලින් ඍජුවම හෝ ඉතා සුළු වශයෙන් ගී පද වලට ආභාසයක් ලබුවා කියලා හිතෙන ගීත විතරයි. සමහර විට ගීතයේ යම් පද කිහිපයක් පමණක් ජන කවියකට සමාන හෝ ජන කවියක් මතක් වෙන ගීතත් දාලා ඇති (උදා: බණ්ඩාර මැණිකේ). ගී තනුවට ජන කවියේ ආබාසය ලැබූ ගීත මෙම ලැයිස්තුවට ඇතුළත් නොවුනත් ඉඳ හිට ඒ වර්ගයේ එකක් දෙකක් දාලා ඇති.

මෙම කවි ගීත එකතුව ලිපියක් නෙවෙයි. මෙය ලිපියක් නොවුණත් එවැනි එකතුවකට මග පෙන්වන ආරම්භයක් කියලයි මට කියලයි හිතෙන්නේ. එසේම මතකයට ආ ජන කවි හා ගීත යොදාගත් බැවින් ජනකවි වල මුලාශ්‍ර දැම්මේ නැහැ. ජනකවි වෙබ් අඩවි කිහිපයකින් සහ මතකයෙන් සපයා ගත් බව සලකන්න. එමෙන්ම මෙහි සමහර පද රචකයින් ගේ නම් සඳහන් නොවන්නේ, ඔවුන් කවුදැයි සොයා ගැනීමට අපහසු වූ නිසාය. එවන් අඩුපාඩු දැක්කොත් පෙන්වා දුන් විට නිවැරදි කරන්නම්.
මෙහෙම ජන කවි ඇසුරෙන් ලියැවුණු පද රචනා අන්නත්වත් ඇති. විශේෂයෙන් ලයනල් රංවල, රෝහණ බැද්දගේ, ටී. එම්. ජයරත්න ආදීන් කළ ගුවන්විදුලි පර්යේෂණ ගී, වසන්ත දුක්ගන්නාරාළ පද රචනා, ආදිය ගත්තම ලැයිස්තුව ගොඩක් දිගට යයි. ඒ වගේම මේ ගැන ලියැවුණු පොත් පවා ඇති “ගම්මානයේ ගීතය” වගේ. සින්දු ඇනෝ, දිනාලි වගේ උදවියගෙන් ඇහුවොත් මේවා ගමකට කියාවි. ඒ ඔක්කොම මේ යටතේ ආවරණය කරන්න බැරි බව පැහැදිලියි. නමුත් අපි පුළු පුළුවන් විදියට මේ ලැයිස්තුව යාවත්කාලීන කරන්නම්.
මෙවන් ගී පද නිර්මාණ අනන්තවත් ඇති බවට සැකයක් නැත. එහෙත් ඔබට ඒ අතරින් විශිෂ්ටයි හිතෙන මෙහි සඳහන් නොවන ජන ගී පදනම් වූ ගී පද රචනා මතකයේ ඇතොත් ඒවා කමෙන්ටුවක් ලෙස අමුණන්න. මේ වගේ ගීත දන්නවානම් කරුණාකර මෙහි කමෙන්ටුවක් ලෙස අමුණන්න. හැබැයි ගීතයේ නම (හෝ වෙලාව ඇති නම් සම්පූරණ ගීතයම) දාන ගමන් ඒ ගීතයේ පද මාලාවට දායක වුනු ජන කවිය මොකක්ද කියලා දාන්න නම් අමතක කරන්න එපා.
---------------------------------------------------------------------------------------------------------
අන්තර්ගතය:
1. යාතු කර්ම කවි
1.1. කවිය: අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් රචිත යාතු කර්ම කවියක්
1.1. ගීතය: හද විල කලඹන පෙම් ජල රේඛා - ධර්මසිරි ගමගේ / රෝහිත විජේසූරිය / මුල් ගායනය රෝහිත විජේසූරිය - පසු ගායනය නන්දා මාලිනී
1.2. කවිය: සෙත් ශාන්ති යාතිකා - කළු කපුටා සුදු වන තුරු
1.2. ගීතය: අතුරු මිතුරු දඹදිව තුරු අතැඟිලි ගනිමිනි නිරතුරු - සුනිල් සරත් පෙරේරා / අයිවෝ ඩෙනිස් / අයිවෝ ඩෙනිස්
1.3. කවිය: ගණදෙවි හෑල්ලේ 38 වන කවිය හා යාතු කර්ම කවියක් :එපස්වා මෙපස්වා
1.3. ගීතය: වේවැලක් කෝ‍ටුවක් ‍රැගෙන පොල් ඉර‍ටුවක් - පද රචනය ? / තනුව සහ සංගීතය? / ගාමිණී පෙරේරා
1.4. කවිය: ශාන්තිකර්ම ගී - නිරිත කොන යුතා
1.4.1. ගීතය: සුවඳ සිරි පතා - ඩබ්. බී මකුලොළුව / ඩබ්. බී මකුලොළුව / නාලිනී රණසිංහ
1.4.2. ගීතය: උඩට උඩු වියන් පාවඩ පයට අතුරලා - රත්නාලංකා අබේවික්‍රම / මොහොමඩ් සාලී / රූපා ඉන්දුමතී සහ ලක්‍ෂ්මන් රොද්‍රිගෝ
1.5. කවිය: සුලව ගෙදර ස්වාමි -ප්‍රකට සිව්පදයක්
1.5. ගීතය: මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර / ගුණදාස කපුගේ / ගුණදාස කපුගේ
1.6. කවිය: කැලේ බණ්ඩාර දෙවි කෝල්මුර කවි
1.6. ගීතය: දඬුබස්නාමානය තේමා ගීය - දකිනා දිවි සිහ වග වැලහින්නේ - කැලේ බණ්ඩාර දෙවි කෝල්මුර කවි / ප්‍රේමසිරි කේමදාස / අමරසිරි පීරිස් සහ සමන්ත පෙරේරා / දඬු බස්නා මානය
1.7. කවිය: සත් වියතක් මැන දිග දිවි කදුරා
1.7. ගීතය: පානා සෙනෙහස - ? / ඉරාජ් වීරරත්න / දුෂ්‍යන්ත් වීරමන්
1.8. සිරියා දේවී කවි / නෙළුම් කවිය / මල් බුලත්කොටුවේ කවි: ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා
1.8.1. ගීතය: ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා - මහගමසේකර / ඩබ්. ඩී. අමරදේව / ඩබ්. ඩී. අමරදේව
1.8.2. ගීතය: අනෝතත්ත විල නෙළුම නෙළාලා - සුනිල් සරත් පෙරේරා / අමරදේව හා අමිතා වැදිසිංහ
1.9. කවිය: ගුරුගේ මාලාව - කොහොඹා කංකාරිය
1.9. ගීතය: බඹරෙකු ආවයි නිරිත දිගේයා - මඩවල එස්. රත්නායක / ඩබ්ලිව් ඩී අමරදේව / ඩබ්ලිව් ඩී අමරදේව
2. සෙත් කවි සහ වස්කවි
2.1. කවිය: සෙත් කවි - කලුවන් කලු රැවයි
2.1. ගීතය: මගෙ සුදු මාමේ - ? / පැට්‍රික් දෙණිපිටිය / සී. ටී. ප්‍රනාන්දු / සී. ටී. ප්‍රනාන්දු
2.2. කවිය: කුන්කුනාමේ තෙරුන් වහනසේගේ වස් කවියක්
2.2 ගීතය: පාලු අමු සොහොනේ - සෝමරත්න දිසානායක / ගුණදාස කපුගේ / ගුණදාස කපුගේ
3. ආදර්ශ කවි
3.1. කවිය: අඳුර කරුවලේ පඳරට මුවාවෙලා
3.2.1. ගීතය: විදුලිය එළිය දැක - ස්වර්ණ ගුණවර්ධන / ෂෙල්ටන් විජේසේකර / චන්ද්‍රදාස බෝගොඩ / ඉන්ද්‍රාණි බෝගොඩ
3.2.2. ගීතය: මඩේ ලඟින තාරාවන් - ලූෂන් බුලත්සිංහල / ? / මර්සි එදිරිසිංහ
3.3. කවිය සැහැලි ගීයක්???
3.3. ගීතය: දීකිරි දීකිරි ගෙනාව දීකිරි - ලූෂන් බුලත්සිංහල / ඔස්ටින් මුණසිංහ / අනුලා බුලත්සිංහල
3.4. කවිය: සූරිය උදාවන තුරු පිණි බෑවිල්ල
3.4. ගීතය: පීනන්ට මේ ඝෝර සංසාර මුහුදේ - කේ. සෙබෙස්තියන් පීරිස් / ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු / කේ. මයිකල් පීරිස්
4. දහම් ගැට පද
4.1. කවිය: දහම් ගැට පද - අම්බලමේ පිනා පිනා
4.1. ගීතය: අම්බලමේ පිනා අරිසෙන් අහුබුදු / සුනිල් සාන්ත / සුනිල් සාන්ත
5. තේරවිලි කවි
5.1. කවිය: ටං ටං ගාන්නා තෝරා එවාපන්
5.2. ගීතය: ටන්ගානා ටින් ගානා මාමේ ඌ ගෝනා - ප්‍රේමකීර්ති ද අල්විස් / රංඡිත් පෙරේරා / ෆ්‍රෙඩී සිල්වා
5.2. පෙරළි කවිය: කාන්නු ගොයියක්
5.2. ගීතය: කාන්නු ගොයියක් පද පෙරලි - ජයන්ත චන්ද්‍රසිරි / ප්‍රේමසිරි කේමදාස / සමන්ත පෙරේරා සහ දේශක සම්පත් / අග්නිදාහය
6. දරුවන් පතා ආගමික ප්‍රාර්ථනා
6.1. කවිය: උදේ හිටං බත් බැඳගෙන තිසා වැවට එඤ්ඤයි
6.1. ගීතය: සිරීපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා - රත්න ශ්‍රී විජේසිංහ / ගුණදාස කපුගේ / නිරංජලා සරෝජිනී
6.2. කවිය: කිරි අම්මා වරුන්ගේ කවිය: එගොඩ ගෙදර දරු සුරතල් අම්මා
6.2. කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි - රත්න ශ්‍රී විජේසිංහ / ගුණදාස කපුගේ / ගුණදාස කපුගේ
7. කාන්තා පුරුෂ ආකර්ෂණය පිලිබඳ දෙබස් සංවාද කවි
7.1. කවිය: මිණි මිණි පොදේ
7.1. ගීතය: මිණි මිණි පොදේ ලා අඳුරේ - ලූෂන් බුලත්සිංහල / එච්. එම්. ජයවර්ධන / නිරංජලා සරෝජිනී
7.2. කවිය: අල්ලා ගෙන නෙරිය අතකින් කිම ද නඟෝ
7.2.1. ගීතය: නඟේ නඟේ වැහි එනවා - සුනිල් ආරියරත්න / ඩබ්ලිව්. ඩී. අමරදේව / වික්ටර් රත්නායක සහ නීලා වික්‍රමසිංහ
7.2.2. ගීතය: වැස්ස ළඟයි ඉන්නට බෑ - ප්‍රේමකීර්ති ද අල්විස් / ක්ලැරන්ස් විජේවර්ධන / එච්. ආර්. ජෝතිපාල
7.3. කවි: තලසුම් තල මිසිරි - කිතුලක කෙඳිසේමා සහ / තලෙයුම් තලමුඩියම් - කිතුලක මල සේමා
7.3. ගීතය: තලයුම් තලෛමුඩියුම් - මහින්ද චන්ද්‍රසේකර / කරුණාරත්න දිවුල්ගනේ සහ ජානකී සුමිත්‍රා දිසානායක / ගුණදාස කපුගේ
7.4. කවිය: බුලත් මොටද කස්‌තුරි කපුරු කන මට
7:4: ගීතය: රත්තරන් මැණික් මුතු - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / ශ්‍රීමතී තිලකරත්න
8. කාන්තාවන්ට ගැයූ ශෘංගාරාත්මක කවි
8.1. කවිය: ආලවඩන බණ්ඩර මැණිකේ නුඹට
8.1. ගීතය: දුරු කතර ගෙවා ගෙන - රත්න ශ්‍රී විජේසිංහ / එච් .එම්. ජයවර්ධන / කරුණාරත්න දිවුල්ගනේ
8.2. කවිය: රොත්තෙන් රොත්ත එන වලි කුකුළු පැටියනේ
8.2. ගීතය: රණවරා ගහේ මල් පිපෙන කාලෙට - රත්න ශ්‍රී විජේසිංහ / ඩබ්ලිව්. ඩී. අමරදේව / රෝහණ වීරසිංහ / සුනිල් එදිරිසිංහ
8.3. කවිය: ලමිස්සියෙක් මේ පතනේ
8.3. ගීතය: හදිස්සියේ හනි හනිකට පය තබනා - කැමිලස් පෙරේරා / ක්ලැරන්ස් විජේවර්ධන / ටී. එම්. ජයරත්න
8.4. කවිය: අන්දරේ රුවන්වැල්ලේ ස්ත්‍රියකට කී කවිය
8.4. ගීතය: රුවන්වැල්ල මං යන කොට - ජයම්පතී අල්ගම / සේනානායක වේරලියද්ද / සේනානායක වේරලියද්ද
9. ශ්ලේශාලන්කාර - ද්විත්ව උපමා ???
9.1. කවිය: කන්ද උඩින් එන කිකිළිය ගොමරියේ
9.1.1. ගීතය: බිංදු බිංදු රන් ගෝමර මාලා - මඩවල එස්. රත්නායක / ඩබ්. ඩී. අමරදේව / ඩබ්. ඩී. අමරදේව
9.1.2. ගීතය: මහ රෑ යාමේ - මර්වින් සේනාරත්න / දයාරත්න රණතුංග / දයාරත්න රණතුංග සහ අමරා රණතුංග - මුල් ගායනය සෝමලතා රණතුංග
9.1.3. ගීතය: කන්ද උඩින් එන ගෝමරියේ - මහගමසේකර / ඩබ්. ඩී. අමරදේව / ඩබ්. ඩී. අමරදේව
9.1.4. ගීතය: තන/ණ මල් විල මල් ගෝමර පොකුරු පිපෙන්න - රත්න ශ‍්‍රී විජේසිංහ/ කාලෝ විජේසිරි / සමන් ජයනාත් ජිනදාස
10. නෑනා ගැන කවි
10.1. කවිය: දුර එනකොට වැටකෙයියා මලක් වගෙයි
10.1.1. ගීතය: දුර එනකොට වැටකෙයියා මලක් වගේ පේන - ටී. ඩබ්ලිව්. කුසුමපාල / ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු / ජයන්ත ගාමිණී පෙරේරා
10.1.2. ගීතය: මේ දෑස මගේ පින්වන්තයි - කරුණාරත්න අබේසේකර / හින්දි තනුවක් / පී. එල්. ඒ. සෝමපාල / එච්. ආර්. ජෝතිපාල / හතර දෙනාම සූරයෝ
10.2. කවිය: සඳට හොරෙන් සඳ මුදුනෙන් රාහු ගියා
10.2.1. ගීතය: ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ - සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ / ඉන්ද්‍රාණි පෙරේරා
10.2.2. ගීතය: පාට වරුණ ඇති කුකුළනි මං තොපට - සුනිල් ආරියරත්න / වික්ටර් රත්නායක / වික්ටර් රත්නායක හා නන්දා මාලිනී
10.2.3. ගීතය: ඉර තනියට ඉර වට යන ගිරවුන් දුටිමි - පොඩිරත්න අංගමලේ / ආර්. ඒ. චූලසිංහ / ඩබ්ලිව්. ඩී. ආරියසිංහ
10.2.4. ගීතය: ඉර වට යන ගිරවියනේ - අජන්තා රණසිංහ / ප්‍රේමසිරි කේමදාස / අයිවෝ ඩෙනිස් 50
10.3. කවි: අහස තනි වේද විදුළිය කෙටුවාම / නෙතට විල තමයි කඳුලැලි වැගිරීම
10.3. ගීතය: සරු පස දිලේ පූදින ගොයමක් සේම - සුනිල් ආරියරත්න / වික්ටර් රත්නායක / වික්ටර් රත්නායක
10.4. කවි: ඉර පායා එනකොට රැස් විහි දෙනවා
10.4.1. ගීතය: රන් රැස් කෙඳි: රන්ජිත් හේවාබටගේ / රෝහිත් විජේසුරිය / රෝහිත් විජේසුරිය
10.4.2. ගීතය: පෝය දාට පායන සඳ කුමක් වැනී - විල්සන් ගුණරත්න / නිමල් ගුණසේකර / අමිතා වැදිසිංහ සහ නිමල් ගුණසේකර
11. මව් පිය ගුණ ගැයූ ජනකවි
11.1. කවිය: බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
11.1. ගීතය: සඳ වට රන් තරු - කරුණාරත්න අබේසේකර / සී. ටී. ප්‍රනාන්දු / සී. ටී. ප්‍රනාන්දු
11.2. කවිය: බත් රස දන්නෝ වෙළ හඳූනන්නෝ
11.2. ගීතය: බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / සුනිල් එදිරිසිංහ
11.3. කවිය: දුර එන කොට දුනු කෙයියා මලක් වගේ
11.3. ගීතය: දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා - හේමශ්‍රී ද අල්විස් / වී. හේමපාල පෙරේරා / සුජාතා අත්තනායක
11.4. කවිය: අන්දර කැලේ මැද හිනැහෙන අප්පච්චි
11.4. ගීතය: අන්දර යායේ වැව්තාවුල්ලේ - කුමාර ලියනගේ / රෝහණ ධර්මකීර්ති / කරුණාරත්න දිවුල්ගනේගිජිඳා
12. විශේෂිත වර්ගයකට අයත් නොවන ජන කවි
12.1. කවිය: රා රා රා බොම්බියේ
12.1. ගීතය: රා රා රා බොම්බියේ - සුනිල් සරත් පෙරේරා / රෝහණ වීරසිංහ / සුනිල් එදිරිසිංහ
12.2. කවිය: අයියයි මමයි අමු කිරි ගල් ගියෙම්මා
12.2: ගීතය: මොණර මාලු උඩහල්ලේ - රත්න ශ්‍රී විජේසිංහ / ගුණදාස කපුගේ / ගුණදාස කපුගේ
12.3. කවිය: වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
12.3.1. ගීතය: කන්‍යාවී - ලූෂන් බුලත්සිංහල / ප්‍රේමසිරි කේමදාස / අමරසිරි පීරිස්
12.3.2. ගීතය: වනේ ගිජිඳාය දුටුවොත් වනසාය - භද්‍රජී මහින්ද ජයතිලක / භද්‍රජී මහින්ද ජයතිලක / භද්‍රජී මහින්ද ජයතිලක
12.4. කවි: කන්ද උඩින බැස්ස කලට පෙනේය උළු මාළිගාව / යුද්දෙටත් ඇවිත් සිඳු පිට නැව් නැගිලා
12.4. ගීතය: බිම්බරක් සෙනග (වෙල්ලස්සේ ගීතය) - රත්න ශ්‍රී විජේසිංහ / ගුණදාස කපුගේ / ගුණදාස කපුගේ
12.5. කවිය: සව්දම - ඔහොයියා අවුල් නාද සපිරිවර්ධනේ
12.5.1. ගීතය: අවුල් නාද සපිරිවර්ධනේ - රෝහණ බැද්දගේ
12.5.2. ගීතය: කළුත්, සපුත්. සවුන්දරිත් / අවුල් නාද සපිරි වර්ධනේ - අඹන්වෙල රාළ / ලුක්ස් හෙන්රිකස් / ලූක් හෙන්රිකස්
12.5.3. අවුල් නාද - අඹන්වෙල රාළ / නන්දා මාලිනී / නන්දා මාලිනී
12.6. කවිය: මට තනි නැත නාඩන් උඹ උලලේනී
12.6. ගීතය: පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ - රංබණ්ඩා සෙනෙවිරත්න / සේන වීරසේකර / ගුණදාස කපුගේ
12.7. කවිය: ගෝටයිම්බර වැලපුම
12.7. ගීතය: මල් වනේ රෝස කැකුලු - ගාමිණී විජේතුංගයන් / බන්දුල විජේවීර / නන්දා පතිරණ
12.8. කවිය: ඉරපායා ඉර අවරට යන්න එපා
12.8. ගීතය: මයියන්ගනේ රන් කොත වාසනාවන් - / ? / ? /පියසිරි විජේරත්න
12.9. මල්වාරම් කවිය: සපුනා කිනිහිරිය මලී
12.9. ගීතය: මල්සරා බැල්ම හෙලා -රෝහණ බැද්දගෙ / රෝහණ බැද්දගෙ / රෝහණ බැද්දගෙ
12.10: කවි: වෙලක මහිම / දහසක් දීලා / සුරල් අනගි සිවුපද
12.10. ගීතය: රන් දුනුකේ මල වටකර බඹරු නටනවා - පියසිරි විජේරත්න / පියසිරි විජේරත්න / පියසිරි විජේරත්න
12.11. කවිය: පුන්සඳ සේම පායාලා රට මැද්දේ
12.11. ගීතය: පුන්සඳ රෑට ඇවිදින් - රත්න ශ්‍රී විජේසිංහ / ඔස්ටින් මුණසිංහ / නිරෝෂා විරාජනී
13. නෙලුම් කවි
13.1. නෙලුම් කවිය: දුම්බර කෙතේ වැට බැඳලා
13.1.1. ගීතය: රන් දහදිය බිංදු බිංදු - ඩෝල්ටන් අල්විස් / ඩබ්. ඩී. අමරදේව / ඩබ්. ඩී. අමරදේව
13.1.2. රන් වන් කෙත නෙලන ලියේ - ඩෝල්ටන් අල්විස් / ඩබ්. ඩී. අමරදේව / ඩබ්. ඩී. අමරදේව සහ ? පිරිස
13.2. කවිය: අඳුරු බබා සෙන්කඩගල වසින්නා
13.2. ගීතය: මුතු කුඩ ඉහලන - ලූෂන් බුලත්සිංහල / රෝහණ වීරසිංහ / රෝහණ වීරසිංහ
13.3. කවිය: නෙලුම් කවි - තෙල් ගාලා ඉස පිරන් නෑනෝ
13.3. ගීතය: තෙල් ගාලා ඉස පිරන් නෑනෝ - අරිසෙන් අහුබුදු / සුනිල් සාන්ත / සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක, නාලිනී රණසිංහ, අමිතා වැදිසිංහ
13.4. කවිය: අඳුරු බබා සෙන්කඩගල වසින්නා
13.4. ගීතය: මුතු කුඩ ඉහලන - ලූෂන් බුලත්සිංහල / රෝහණ වීරසිංහ / රෝහණ වීරසිංහ
13.5. කවිය: පන් නෙළුම් කවි - ඉර සඳ පාන විල කොතනැයි තුන්හිරියා
13.5.1. ගීතය: දෑතට වළළු මල් මුතුවැල් මාල පොටයි - සී. ද එස්. කුලතිලක / සී. ද එස්. කුලතිලක / නීලා වික්‍රමසිංහ
13.5.2. ගීතය: රන් වන් දුල් කරළින් පැසිලා - ඩබ්ලිව්. බී. ප්‍රනාන්දු / ආර් මුත්තුසාමි / ලතා ප්‍රනාන්දු (වල්පොල) / මාතලන්
13.6. කවිය: පන් නෙළුම් කවි - ගාන තෙල් සඳුන් වරලස ඔමරි කොට
13.6. ගීතය: ගාන තෙල් සඳුන් වරලස - යසනාත් ධම්මික බණ්ඩාර / නවරත්න ගමගේ / සමන් ජයනාත් ජිනදාස
14. කමත් කවි
14.1. කමත් කවිය: ඔයිරයිරේ ඔයි රාමා
14.1. ගීතය: දෙවි පිහිටෙන් ඇදපන් මගෙ වහු දරුවෝ - කමත් කවි / සී ද එස් කුලතිලක / ටී. එම්. ජයරත්න සහ නන්දා පෙරේරා
14.2. කවිය: අන් දෙක රන් බන්දඤ්ඤා
14.2.1. ගීතය: හෝ හෝ ජල්ලියා - රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ
14.2.2. ගීතය: දොවන තරම් බුරුළු පුරා - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර / එච්. එම්. ජයවර්ධන / සුනිල් එදිරිසිංහ සමග නිර්මලා රණතුංග
14.3. කවිය: අන් දෙක රන් බන්දඤ්ඤා
14.3.3. ගීතය: දෙවුරේ දිලෙනා - ආනන්ද හේවාරංහිඳ / රෝහණ වීරසිංහ / ජානක වික්‍රමසිංහ
14.4. කමත් කවිය: රාජා ඕ මන්ගලිකා
14.4. ගීතය: රාජා හෝ මංගලියා - රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ
14.5. කමත් කවිය: අහසේ තරු ගානේ
14.5. ගීතය: අහස් ගැබේ තරු කැට ගානේ - විපුල් ධර්මප්‍රිය ජයසේකර / රෝහණ වීරසිංහ /චරිතා ප්‍රියදර්ශනී පීරිස්
14.6. තෙතඟු කවි: එමල් වනේ වන මුදුනේ
14.6. ගීතය: එමල් වනේ සඳ රැසින් - / ? / ? / ග්‍රේෂන් ජයමහ
14.7. තෙතඟු කවිය: රන්පට තෙලඹුව මැණිකේ
14.7. ගීතය: ජලේ යන්න බෑ මැණිකේ ජල බොර වෙනවා - නිමල් ජයමාන්න / නිමල් ජයමාන්න / නිමල් ජයමාන්න
15. පැල් කවි
15.1. කවිය: අනේ දෙවියනේ මට වුණු වියෝවා
15.1.1. ගීතය: පැදුර මගේ සොයා දෙන්න - සුනිල් ආරියරත්න / එච්. එම්. ජයවර්ධන / සනත් නන්දසිරි
15.1.2. ගීතය: අනේ මහතුනේ මට වන් වියෝයා - ධර්මරත්න පෙරේරා / ප්‍රේමසිරි කේමදාස / අමරසිරි පීරිස්
15.2. කවිය: පිළේ පදුර හේනට අරගෙන යනවා
15.2. ගීතය: පිළේ පැදුර හේනට අරගෙන එනවා - මහගමසේකර / අමරදේව / අමරදේව
15.3. කවිය: කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත දනී
15.3.1. ගීතය: බොරළු ඇනෙන පය රිදවන - රුචිර පරණවිතාන / රෝහණ වීරසිංහ / දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
15.3.2. ගීතය: මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ - රඹුකන සිද්ධාර්ථ හිමි / එච්. එම්. ජයවර්ධන / චරිතා පියදර්ශනී
15.3.3. ගීතය: ආදරයෙන් මා හද වට එතෙන ලතා - කුලරත්න ආරියවංශ / සරත් දසනායක / විජේරත්න වරකාගොඩ
15.4. කවිය: මේ කාගෙද ගොන් වස්සා
15.4. ගීතය: මගෙ කුඹුරේ ඉනි වැට බිඳලා - ක්ලැරන්ස් විජේවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන / ඇනස්ලි මාලේවන/ඉන්ද්‍රාණි පෙරේරා
15.5. කවිය: පින් ඇති අතපත්තු
15.6. ගීතය: ඇසට කඳුළු උනයි - ලූෂන් බුලත්සිංහල / ප්‍රේමසිරි කේමදාස / ප්‍රදීපා ධර්මදාස සහ සමන්ත පෙරේරා
16. කරත්ත කවි
16.1. කවිය - සසඳ කවි: සසඳ සසඳ සඳ පානේ අපි යනවා
16.1. ගීතය: සසඳ සසඳ සඳ පානේ අපි යනවා - රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ
16.2. කරත්ත කවිය: කළු ගල් තලාලයි පාරට දමන්නේ
16.3. ගීතය: කරදර පොදි බැඳ ගැල පටවා - මහගමසේකර / අමරදේව / අමරදේව - නන්දා මාලිනීත්
16.4. කරත්ත කවිය: හඳපානේ නරකද මීගමු යන්ට
16.4. ගීතය: කාන්සියට මීගමු යනවා - රත්නසේන ඩයස් / සරත් බාලසූරිය / නාලිනී රණසිංහ
16.5. කරත්ත කවිය: තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා
16.5.1. ගීතය: බරබාගේ - එල්. ආර්. එන්. එච්. පෙරේරා / සී. ටී. ප්‍රනාන්දු / සී. ටී. ප්‍රනාන්දු
16.5.2. ගීතය: බැරි බර කරේ තියන් - මැක්සි ජයවීර / මැක්සි ජයවීර / මැක්සි ජයවීර
17. පාරු කවි
17.1. කවිය: මාතර ගගේ සිටිනා කිඹුලිගේ පැටියා
17.1. ගීතය: මාතර ගගේ ඉන්නා කිඹුලිගේ පැටියා - සෝමරත්න දිසානායක පද රචනය / රෝහණ බැද්දගේ හා බන්දුල
18. පතල් කවි
18.1. කවිය: කළුවන් කළු රුවයි මංගෝ
18.1. ගීතය: මංගෝ කළු නැන්දේ - ක්ලැරන්ස් විජේවර්ධන / ක්ලැරන්ස් විජේවර්ධන / ඇනස්ලි මාලේවන
18.2. කවිය: පතල් සිව්පද - පාඩගන් පබලු අමුනා කරේ වට
18.2. ගීතය: නාඬන් පුංචි හිරමනේ - රත්න ශ්‍රී විජේසිංහ / සරත් දසනායක / ප්‍රදීපා ධර්මදාස
19. ධීවර කවි
19.1. කවිය: හොයියා හෝයියා දැල් අදිමුකො හෝයියා
19.1. ගීතය: හෝයියා හෝයියා-හෝයියා හෝයියා - කවි / අමරදේව / අමරදේව
20. යාචක කවි
20.1. යාචක කවි: ගඟට කපන ඉණි
20.2. ගීතය: ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති - ඇරව්වල නන්දිමිත්‍ර / රෝහණ වීරසිංහ / සුනිල් එදිරිසිංහ
21. බඹර කවි
21.1. කවිය: බැද්ද වටට සුදු මොර මල්
21.1. ගීතය: නුඹේ සිනා මුව මඩලට - ශාන්ත ජයලත් තිසේරා / ශාන්ත ජයලත් තිසේරා / අසංක ප්‍රියමන්ත පීරිස්
21.2. කවිය: බඹර කවි (මලි ගී) අව්වේ යන අඟනුන්නේ
21.2. ගීතය: අව්වේ යන අඟනුන්නේ - ආත්මා ලියනගේ / ආත්මා ලියනගේ / ආත්මා ලියනගේ
21. 3. කවිය: බඹරු සිටිති උඩ මැසි
21.3.1. ගීතය: බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ - ගාමිණී ෆොන්සේකා / වික්ටර් රත්නායක / ඩබ්ලිව්. ඩී. අමරදේව සමග නන්දා මාලනී / සරුංගලේ
21.3.2. ගීතය: කොයිබ සිටන්දෝ බඹරිඳු ආවේ - මහගමසේකර / අමරදේව / අමරදේව සහ ? පිරිස
21.4. ගීතය: සඳසාවී මා - සිසිර දිසානායක / ලයනල් රන්වල /වසන්තා මධුරාංගනී
22. වැදි ගී
22.1. කවි: මා මිණි මා මිණි මා දෙයියා
22.1.1. මා මිණි මා මිණි මා දෙයියා
22.1.2. මා මිණි මා මිණි මා දෙයියා
22.1.3. ගෝ බිඳු කැලේ යමු දෙන්නා - ගෝයා පුච්චා කමු දෙන්නා - සඳරුවන් ලොකුහේවා එකතුව
22.1.2. මාමිනි මාමිනි මා දෙයියා (වැදි ගීය) - “ඒ... අම්මී... ඒ දෙයියෝ” - සඳරුවන් ලොකුහේවා
22.1. ගීතය: මා මිණි මා මිණි මා දෙයියා - ආර් ඒ ස්පිට්ල් / ෂෙල්ටන් ප්‍රේමරත්න / විමල් ජේ. සාගර ඇතුළු පිරිස / හිතක පිපුණු මල් චිත්‍රපටයෙන්
22.2. කවිය: වැල් කොබ්බා ගහ / වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන
22.3.1. කවිය: වැල් කොබ්බා ගහ දුන්න නමා ගෙන 1 - දඩයම් ගී - සඳරුවන් ලොකුහේවා එකතුව
22.3.2. කවිය: දුන්න නමාගෙන දුනු කොබ්බෑවල
22.3.3. කවිය: වෑල් කොබ්බා ගහ දුන්න නමා ගෙන - මොරියන් කැච්චත් අතේ දරා ගෙන
22.3.4 කවිය: වෑල් කොබ්බා ගහ දුන්න නමා ගෙන
22.3. ගීතය: මර ඔටා දමඤ්ඳං මර මර ඔටා දමඤ්ඳං - පද ? / තනුව? / ග්‍රැන්විල් රොඩ්රිගෝ
22.4. කවි: වඩුනා පිටේ යමු දෙන්නා
22.4.1. කවිය: වඩුනා පිටේ යමු දෙන්නා වැදි ගීය 1 - “එලිවිල පංවිල වෙන්නව් නෑනේ” - බිම්තැන්නේ වැදි ගීය - සඳ රුවන් ලොකුහේවා එකතුව
22.4.2 කවිය: වඩුනා පිටෙන් යමු දෙන්නා වැදි ගීය 2 – “බීමෙන් යන්නට බොල්පිනි බැරිනං” - දිඹුලාගල වැදි ගීය - තිස්ස වීරසේකර
22.4.3. කවිය: වඩුනා පිටෙන් යමු දෙන්නා වැදි ගීය 3 – “තාලාපාහට වැහි වැහැලා” - පොල්ලේ බැද්දේ වැදි ගීය - සඳරුවන් ලොකුහේවා එකතුව
22.4.4. කවිය: තෙන තෙඳිනානේ - නාද රටා පද - - සඳරුවන් ලොකුහේවා
22.4. ගීතය: වඩුනා පිටෙන් යමු දෙන්නා (ගීතය: වන වදුලේ වසන්තය තේමා ගීතය - වැදි ගී / කාලෝ විජේසිරි / ආනන්ද ගමගේ / උපාලි රන්ජිත්
22.5. කවි: පැට්ටී මොන්නට අඬන්නේ - වැදි දරු නැළවිලි ගී
22.5.1. පැට්ටී මොන්නට අඬන්නේ - වැදි දරු නැළවිලි ගී 1 - දඹානේ ගුණවර්ධන එකතුව
22.5.2. මොකටද අම්මී ආඩන්නේ - වැදි දරු නැළවිලි ගී 2
22.5.3. කැකුලා මොක්කට අඬන්නේ - වැදි දරු නැළවිලි ගී 3
22.5.4. අම්මී මොකටද ආඩන්නේ - වැදි දරු නැළවිලි ගී 4
22.5.5. තොපි තොප්පා දැන් ගේනේ - සඳරුවන් ලොකුහේවා එකතුව
22.5.6. අව්රෝ රෝ රෝ පැටුනේ - තුතා නිදි නිදන්නේ - සඳරුවන් ලොකුහේවා එකතුව
22.5.7. “පේත පේතන් පේත කොටේ” - සඳරුවන් ලොකුහේවා එකතුව
22.5. ගීතය: අම්මී රෝ රෝයියා - සමිතා මුදුන් කොටුව
22.6.1. රාජා ඕ චංගුලියා (වැදි ගී) - මී කැඩීම - සඳරුවන් ලොකුහේවා එකතුව
22.6.1. ගීතය: රාජා ඕ චංගුලියා (ගීතය) රෝහණ බැද්දගේ
22.7. නෑනිට බැඳපු මල් වියනයි
22.7.1. නා කොළ ඇල්ලේ බැඳි වියනයි - සඳරුවන් ලොකුහේවා එකතුව
22.7.2. බල, නෑනිට බැඳ දුන් වට වියනයි
22.7. ගීතය: නංගීට බැඳපු මල් වියනයි - ඔස්‌ටින් මුණසිංහ / සේනානායක වේරලියද්ද / වනසරණ - තිස්‌ස අබේසේකර
22.8. සුළං ගසන කොට කෙළිනා මල් පොජ්ජ
22.9. කොළ දං වඳුරා ගච්චන්නේ - තනනත් තන්දන තනනානේ - පොල්ලේ බැද්දේ වැදි ගීය - සඳරුවන් ලොකුහේවා එකතුව
22.10. චප්පි චිලිබිලි කීයන්නෙ - සඳරුවන් ලොකුහේවා එකතුව - තිස්ස වීරසේකර එකතුව
22.11. නෑනිගෙ බඳේ ඊචුන ගෝමර -- පොත් පැණි කඩා වැටෙනා කාලෙට - සඳරුවන් ලොකුහේවා එකතුව
22.12. කාකුරු කන්දේ කෝබෙයියෝ - පොල්ලෙබද්දේ වැදි ගීය - සඳරුවන් ලොකුහේවා එකතුව
22.13. ඈබල තෙන තෙදිනා නේ
22.14. වැදි මන්ත්‍ර
22.14.1. වල් මිහරකුන් එලවා දැමිමේ
22.14.2. වැදි මන්ත්‍ර - වල් අලින් එලවා දැමිමේ
22.14.3. වැදි මන්ත්‍ර - අලියට
22.14.4. වැදි මන්ත්‍ර - නයාට
22.14.5. වැදි යාදින්නක්
22.15. ලුවිස් ද සොවිසා වන්නි හත්පත්තුව එකතුවෙන් - වැදි දරු නැළවිලි ගී
22.16. රිදී පෝරු සැළෙන- ගීතය? / ? / නිරෝෂා විරාජිනී (අර්ධ වැදි වදන් යෙදූ සිංහල ගී පද නිර්මාණ 1)
22.16. මස මාවිලි ගඞ්ගාවේ - වැදි ගී දැයි හරියට අඳුනා ගන්න නොහැකි ගීත
22.17. මී පැණි දී රිදී ගන්ට - ෂෙල්ටන් පෙරේරා
23. දරු නැළවිලි කවි / දරුවන් ගැන මව්වරු කියූ කවි
23.1. කවිය: අතට වළලු කොහෙන් දුවේ
23.1.1. ගීතය: පරවුණු මල් වල සුවඳ අතීතේ - මහගම සේකර / ලයනල් අල්ගම / සුජාතා අත්තනායක / පරසතු මල්
23.1.2. ගීතය: රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ - ජෝජ් ලෙස්ලි රණසිංහ / මොහොමඩ් සාලි / එච් ආර් ජෝතිපාල
23.2. කවිය: දුවේ නුඹේ ලොකු අම්මා
23.2. ගීතය: හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / ශ්‍රීමතී තිලකරත්න
23.3. කවිය: ඔන්න බබෝ ඇතින්නියා
23.3.1. ගීතය: ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා පුතු ගැන සිහිකරන්නියා - මහගමසේකර / අමරදේව / අමිතා වැදිසිංහ / ආදරයයි කරුණාවයි
23.3.2. ගීතය: තත් තත් තත් තාර පැටියා- හෙන්රි කල්දේරා / හෙන්රි කල්දේරා / හෙන්රි කල්දේරා
23.3.3. ගීතය: ඔන්න පුතේ බිල්ලෝ එනවා - සෝමරත්න දිසානායක / එච්. එම්. ජයවර්ධන / මාලිනී බුලත්සිංහල සහ බන්දුල විජේවීර
23.4. කවිය: නුඹෙ අම්මා කිරට ගියා
23.4.1. ගීතය: චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්- මහින්ද අල්ගම / නන්දා මාලනී / නන්දා මාලනී
23.4.2. ගීතය: සුවඳයි මුවේ මල් පැණී - ඇලෝයි ගුණවර්ධන / ආර්. ඒ. චන්ද්‍රසේන / සුමිත් අහංගම
23.4.3. ගීතය: දොයි දොයි දොයි දොයිය පුතේ - ඔගස්ටස් විනයාගරත්නම් / නිමල් මෙන්ඩිස් / රුක්මණී දේවි / අහසින් පොළොවට
23.4.4. ගීතය: බිංදු බිංදු මල් වැස්සේ / කුලරත්න ආරියවංශ / රෝහණ වීරසිංහ
23.5. කවිය: කපුටු කාක් කාක් කාක්
23.5. ගීතය: කපුටු කාක් කාක් කාක් - ? / ? / සීදුවේ සකුරා
23.6. කවිය: බාලොලි ලොලි බාලොලියේ
23.6. ගීතය: බා ලොලී ලොලී කියා එරන් තොටිල්ලෙ බාවලා - සුනිල් ආරියරත්න / එච්. එම්. ජයවර්ධන / නන්දා මාලිනී
23.7. කවිය: ඇතින්නියක්‌ ලත් දරු පෙම්බරේයා
23.7. ගීතය: ඇතිනි මව්නි දරුලද පසු ඇතින්න - රතන ශ්‍රී විජේසිංහ / දර්ශන වික්‍රමතුංග / කරුණාරත්න දිවුල්ගනේ
23.8. වැදි දරු නැළවිලි ගීතය: චන්දෝ මා බිලිඳේ
23.8. ගීතය: චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන් - ඩබ්ලියු. ඩී. අමරදේව / ඩබ්ලියු. ඩී. අමරදේව / ඩබ්ලියු. ඩී. අමරදේව
23.9. කවිය: මගේ පුතා හරි හපනා
23.9. ගීතය: මගෙ පුතු හරි හපනා - දයා ද අල්විස් / ටී. ෂෙල්ටන් පෙරේරා / රූපා ඉන්දුමතී
24. ඔන්චිලි වාරම්
24.1. කවිය: පදිනා ලෙස අපි රන් උන්චිල්ලා
24.1. ගීතය: රන් කෙන්දෙන් රනින් තැනූ රන් ඔංචිල්ලා - ධර්මසිරි ගමගේ / ප්‍රේමසිරි කේමදාස / ඇන්ජලීන් ගුණතිලක හා මල්ලිකා කහවිට / රන් ඔංචිල්ලා
24.2. කවිය: ඔන්චිලි චිලි චිල්ල මලේ
24.2.1. ගීතය: ඔන්චිලි චිලි චිල්ල මලේයා - වැල්ල දිගට නෙල්ලි කැලේයා - ? / ? /එච්. ආර්. ජෝතිපාල
24.2.2. ගීතය: ඔන්චිලි චිලි චිල්ල මලේ උන්චිල්ලාවේ - කරුණාරත්න අබේසේකර / එම්. කේ. රොක්සාමි / සී. ටී. ප්‍රනාන්දු
24.2.3. ගීතය: නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා - ප්‍රේමකීර්ති ද අල්විස් / සරත් දසනායක / ඉන්ද්‍රානි පෙරේරා
25. රබන් පද
25.1. රබන් පදය: බුබුල් බුබුල් බණ්ඩක්කා තුට්ටු දෙකට මං ගත්තා / තිත්ත කැකිරි තිත්ත
25.1.1. ගීතය: දෑතේ බංගලි වළලු - සමන් චන්ද්‍රනාත් වීරසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න / මාලිනී බුලත්සිංහල
25.1.2. ගීතය: දෑතේ බංගලි වළලු - සමන් චන්ද්‍රනාත් වීරසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න / සන්ද්‍යා බුලත්සිංහල
25.2. කවිය: තුන්තුඹ මල් තුනයි තුනයි
25.2.1. ගීතය: තුන් තුඹ මල් රෙද්ද ඇඳල - ඩෝල්ටන් අල්විස් / බි. වික්ටර් පෙරේරා / චන්ද්‍රානි ගුණවර්ධන
25.2.2. ගීතය: ලොකු නැන්ද එනව අපේ දිහාවේ - ඩෝල්ටන් අල්විස් / බී වික්ටර් පෙරේරා / චන්ද්‍රානි ගුණවර්ධන
25.2.3. ගීතය: දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා - සුනිල් සරත් පෙරේරා / දයාරත්න රණතුංග / ඩබ්ලිවු. ඩී. අමරදේව සමග අමරා රණතුංග
25.2.4. ගීතය: දීග නොගිය පුංචි නෑනො - ඩෝල්ටන් අල්විස් / රෝහණ වීරසිංහ / නන්දා මාලිනී
25.3. කවිය: තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
25.3.1. ගීතය: ගිං ගෙඩි ගිං ගෙඩි ගහෙන් කඩා ගෙන - නිලාර් එන්. කාසිම් / රංග දසනායක / ඉන්දිකා උපමාලි
25.3.2. ගීතය: තේක්ක නැන්දේ තේක්ක නැන්දේ - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
25.3.3. ගීතය: තේක්ක නැන්දෙ තේක්ක මාමා කොයි - සුනිල් ගුණවර්ධන / සනත් නන්දසිරි / සනත් නන්දසිරි
25.3.4. ගීතය: තාක්ක තෙයි තාක්ක තෙයි තේක්ක නන්දා - ඩෙරික් ද සිල්වා / සරත් දසනායක / ඩෙරික් ද සිල්වා
25.3.5. ගීතය: ජේත්තු නෝනෙ - වසන්ත දුක්ගන්නාරාළ / දුෂ්මන්ත් වීරමන් / දුෂ්මන්ත් වීරමන්
25.3.6. ගීතය: රාන් කුරුල්ලා රූං කියා ගෙන - මහින්ද අල්ගම / ලයනල් අල්ගම / චන්ද්‍රාණි ගුණවර්ධණ
25.4. රබන් පදයක් කුරුඳු පොපිල කුරුඳු පොපිල ඉද්ද මල් වඩම්
25.4. ගීතය: පිච්ච මල් වඩම් බඳවට - රත්න ශ්‍රී වික්‍රමසිංහ / රෝහණ වීරසිංහ / නිරෝෂා විරාජිනී
25.5. කවිය: අවුරුද්දත් කිට්ටු කිට්ටු
25.5. ගීතය: ඉත්තක මල් පිපීයන් - ගුණසේන කඩිගමුව / ? / විජේසුන්දර වේරගොඩ
25.6. රබන් පදය: පුංචි බතල ගැට තුඹ කොළ
25.6. ගීතය: ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ - තු. ව. කුසුම්පාල / ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු / විල්බට් ඇන්තනී
25.7. රබන් පදය: රාන් කිරිල්ලියේ රාන්කිරිල්ලියේ රාන් කුරුල්ලා කොයි
25.7. ගීතය: රාන් කිරිල්ලියේ රාන්කිරිල්ලියේ රාන් කුරුල්ලට එන්න කියාපිය - පද රචනය ? / ඒ. ආර්. රහමන් / එච්. ආර්. ජෝතිපාල
25.8. රබන් පදය: නංගි ටිකක් ඉඳපන්
25.8. ගීතය: බොලන් පොඩි නංගි ටිකක් හිටපන් - අජන්තා රණසිංහ / නවරත්න අත්තනායක / සුජාතා අත්තනායක
26. ජන ක්‍රීඩා ගී
26.1. මේවර කෙළිය
26.1.1. කවිය: සාර සදිසි පෙති පේර නෙලන දා
26.1.1.1. ගීතය: සාර සදිසි පෙති පේර නෙලාලා - වසන්ත දුක්ගන්නාරාළ / ඉරාජ් වීරරත්න / සමිතා එරන්දති
26.1.1.2. ගීතය “සාර සදිසි පෙති” ? / රෝහණ වීරසිංහ / ප්‍රදීපා ධර්මදාස
26.1.2. කවිය -මේවර කෙළිය: කොස්වතු කන්දේ කොස් නෙලනා දා
26.1.2. ගීතය: කොස්වතු කන්දේ රොසලින් නැන්දගෙ - රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ / රෝහණ බැද්දගේ
26.2. එළුවන් කෑම
26.2.1. කවිය: එළුවන් කෑම
26.2.1. ගීතය: තැන තැන රවුමට ඉඳ ගෙන - අමරසේන කංකානම්ගේ / ? /එඩ්වඩ් ජයකොඩි
26.3. ඔලිඳ කෙළිය
26.3.1. කවිය: ඔලිඳ කෙළිය - ඔලිඳ තිබෙන්නේ
26.3.1. ගීතය: ඔලිඳ කැලේ හිමිදිරියේ - වර්නන් පෙරේරා / ක්ලෝඩ් ප්‍රනාන්දු / ඉන්ද්‍රාණි පෙරේරා
26.3.2. ඔලිඳ කෙළිය - රත්තරනෙන් රන් කෙක්ක ‍ගෙනෙන්න්
26.3.2. ගීතය: රන් මුදු, රන් මුදු - රත්තරනෙන් රන් මුද්ද කොයින්දෝ - අජන්තා රණසිංහ / මෙල්රෝයි ධර්මරත්න / මිල්ටන් මල්ලවාරච්චි
26.3.3. ඔළිඳ කවිය: දොඩන් කපාලා ඇඹුල් තනාලා
26.3.3. ගීතය: දොඩන් කපාලා ඇඹුල තනාලා - ? / අමරදේව / අමරදේව
27. ළමා ගී
27.1. කවිය: ටිකිරි ටිකිරි
27.1.1. ගීතය: නීල නුවන් මානෙල් මල් - පද රචනය: ? / දේවානන්ද වෛද්‍යසේකර / දේවානන්ද වෛද්‍යසේකර
27.1.2. ගීතය: අතුල සිනිඳු - නන්දදාස කෝදාගොඩ / ඩබ්ලිවු. ඩී. අමරදේව / ඩබ්ලිවු. ඩී. අමරදේව
27.1.3. ගීතය: ටිකිරි ටිකිරි ටිකිරි ලියා කවුද කියලා බලමු - ? / ? / එම්. එස්. ප්‍රනාන්දු
27.1.4. ගීතය: ටිකිරි ටිකිරි ටිකිරි ලියා - සුනිල් සාන්ත / සුනිල් සාන්ත / සුනිල් සාන්ත
27.1.5. ගීතය: මං ආදර පෙම්මාදර - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / වික්ටර් රත්නායක
27.2. කවිය: පාන් කිරිච්චී පොල් අඹරනවා
27.2.1. ගීතය: පාන් කිරිත්තී පොල් අඹරනවා - ලයනල් රංවල / ලයනල් රංවල / සහන් රංවල සමග රංවල බලකාය
27.2.2. පාන් කිරිත්තා තක්කිට තරිකිට - ප්‍රේමකීර්ති ද අල්විස් / වික්ටර් රත්නායක / ෆ්‍රෙඩී සිල්වා
27.3. ළමා කවිය: අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්‌ටියෝ
27.3.1. ගීතය: අතුරු මිතුරු දඹ දිව තුරු ඇඟිලි ගැනපු - සුනිල් දයානන්ද කෝනාර / බන්දුල විජේවීර / බන්දුල විජේවීර
27.3.2. ගීතය: අතුරු මිතුරු දඹදිවතුරු - ප්‍රේමකීර්ති ද අල්විස් / වින්සන්ට් ප්‍රේමසිරි / වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සී.ඩී.ෆොන්සේකා සහ වින්සන්ට් ප්‍රේමසිරි / විසිහතර පැය
27.3.3. ගීතය: අතුරු මිතුරු මගෙ සුමිතුරු - පද රචනය ? / තනුව සහ සංගීතය? / එම්. එස්. ප්‍රනාන්දු
27.3.4. ගීතය: අතුරු මිතුරු දඹදිව තුරු - සුනිල් සරත් පෙරේරා / අයිවෝ ඩෙනිස් / අයිවෝ ඩෙනිස්
-----------------------------------------------------------------------------------------

(Chiran Windsor  විසින් ) වැඩි විස්තර මෙතැනින්

3 comments:

  1. වටිනා ලිපියක් ස්තුතියි ඔබට

    ReplyDelete
  2. මේ කවි සම්පුර්ණ lyrics balanne kohomada?🤔

    ReplyDelete