Wednesday, August 30, 2017

කැන්දේ ලියද්දේ

කැන්දේ ලියද්දෙ වනාතෙ නෙළද්දි
පළා තනි පංගලමේ
මන්ද මමත් සිටියා නොව හැංගිල
හේඩාවෙ පන්දලමේ

වාගෙන මන් සිටියා බැරුවා රං
දේදුන්නෙ සෙයියා තිගේ
නාගෙන එද්දි වගෙයි අහන්නට
හිත දුන්නෙ ඒකයි නගේ

හේනත් සරුයි දුටු හීනත් සැබෑවන
කාලෙ ඉතිං ළඟමයි
නෑනත් මගෙයි ගෙයි පානත් නුඹයි
නුඹෙ කෝලෙ අගෙයි අරුමයි

ගායනය හා සංගීතය - අානන්ද විජේරත්න
ගී පද - සාලිය ගුණවර්ධන

(ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකු වන ප්‍රවීණ ගායන ශිල්පී අානන්ද විජේරත්නයන් ගයන “කැන්ද ලියද්දෙ වනාතෙ නෙළද්දි” නම් ගීතය දැන් නෑසෙන මට්ටමේ ගීතයකි.)
වැඩි විස්තර මෙතැනින්

වලාරොදක් තුළ


වලාරොදක් තුළ සැඟවුණු දිය බිඳු
පොලොවට පතිත වුණා සේ
යෞවන හදගැබ අැවිලෙන ගිණිදඬු
සේදී නිමී ගියාවේ
සේදී නිමී ගියාවේ

මව්කිරි බිඳකින් දැඩිවුණු සිරුරට
වස විස කවා පොවාලා
රට වෙනුවෙන් රැකගත යුතු ජීවිත
වනසා නසා දමාලා
වනසා නසා දමාලා

රටදැය සරසන බුදුබණ අදහන
දරුවන් වගේ හැදීලා
හුරු ගති අත්හැර බලමැන අැස්හැර
ගුණදම් ගඟේ ගිලීලා
ගුණදම් ගඟේ ගිලීලා

ගායනය : ලෙස්ලි ශාන්ත ද අල්විස්
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් බාලසූරිය
වැඩි විස්තර මෙතැනින්

Wednesday, August 9, 2017

බිලිඳු හඬක උරුමය




වැලිබත් ඉදෙනා තරුණ්‍ය පිබිදි
හිරිමල්විය නෙතු ඇඳුණා....
පුංචිම සංදිය යලි සිහිවෙන සඳ
බිලිඳු හඬක උරුමය තිබුණා

බොනික්කන් නම් උකුලුතලා
අද බිලිඳුන්ගේ මුදු සුවයහනා
කිරිසුවඳක් පිඳු දෙතොල් අඟින්
දරු නැලවිල්ලක මුදු හඬ නඟනා

පුංචි වියේ මුඳු සිත් රැවටූ
සඳ රන් තැටියෙන් රන්කිරි ඉල්ලා
මෙදා ඇකයෙ රැදි බිළිඳුන් දරයි
අතීතයේ මතකයට හොරා........

වැලිබත් ඉදෙනා තරුණ්‍ය පිබිදි
හිරිමල්විය නෙතු ඇඳුණා....
පුංචිම සංදිය යලි සිහිවෙන සඳ
බිලිඳු හඬක උරුමය තිබුණා

ගී පද -වසන්ත කුමාර කොබවක
සංගීතය -තිස්සසිරි පෙරේරා
ගායනය -මාලිනී බුලත්සිංහල