Tuesday, October 16, 2018

ජෝන් ද සිල්වාගේ නාට්‍ය ගීත



මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වාට සහ නාවල දොන් මනුවෙල් දෝන ඉසබෙලා හාමිනේට දාව 1857 ජනවාරි 13වනදා උපන් දරුවා ජෝන් ද සිල්වා විය. පිටකෝට්ටේ ක්‍රිස්තියානි පාසලින් මූලිකඅධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ඇකඩමියට ඇතුළුව වී උසස් අධ්‍යාපනය හැදෑරීය. ඉන්පසු සාන්ත ජෝන්විද්‍යාලයේත්, වෙස්ලි විද්‍යාලයේත් ඉංග්‍රීසි ගුරුවරයෙකුලෙස කටයුතු කරඇත. ගුරු වෘත්තියේ යෙදී සිටියදීම පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිවීම සිරිතක් කරගත් ඔහු ඒ තුළින්ජාත්‍යාලය සහ මවුබිමේ වටිනාකම කෙරෙහි ජනතා මනස අවදිකරවීමට කටයුතු කළේය. මේ අතරතුර නීතිය හැදෑරූ ඔහු පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු ආරම්භ කළේ සාහිත්‍ය හා ලේඛන කලාවට මූලිකත්වය දෙමිනි.

පිටකොටුවේ පිහිටි ෆ්ලවර්හෝල් නාට්‍ය ශාලාවේ දී එවකට නූර්ති නාට්‍යකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි සී. දොන් බස්තියන්ගේ නාට්‍යක් නැරඹීමෙන් නූර්ති කලාව කෙරෙහි ඇති වූ ගෞරවය නිසා නූර්ති නාට්‍ය කෙරෙහි ජෝන් ද සිල්වා නැඹුරු විය. 1885 දී සීමාසහිත ලංකා දේශීය නාට්‍ය සමාගම (Ceylon Oriental Dramatic Company Limited) නාට්‍ය සංගමය පිහිටුවන ලදී. ඒ තුළින් “නලරාජ චරිතය, රාමායණය, සීතාහරණය, දස්කොන් හා පරංගි හටන” නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් මෙම නාට්‍ය සමාගමේ ක්‍රියාකාරිත්වය හීනවීම නිසා ඔහු විසින් 1902 දී “සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සභාව” ආරම්භ කරන ලදී. 1905 දී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිෂ්පාදිත සිරිසඟබෝ නාට්‍යයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලෞජි විසිනි. එම නාට්‍යයේ එන “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” යන ගීතය වර්තමානයේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ද, විශාරද නන්දා මාලනිය විසින් ද ගයා ඇති අතර මෙම ගීතය එදා සිට අද දක්වා අවුරුදු 110කට වැඩි කාලයක් ජනාදරයට පත්ව ඇත.

සිරිසඟබෝ චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු නාට්‍ය ගණනාවක් මෙම සංගමය තුළින් බිහිවිය. මෙම නාට්‍ය සංගමයේකටයුතු හීනවන විට 1913 දී “විජය රංග සභාව” පිහිටුවන ලදී. ඒ තුළින් “දේවානම්පියතිස්ස, අලකේශ්වර” ඇතුළු නාට්‍ය කිහියක්නිෂ්පාදනය විය. පසුව විජය රංග සභාව යන නම වෙනස් කර “ශ්‍රී ලංකා නාට්‍ය සභාව” යන නමින්කටයුතු කළහ. මෙම නාට්‍ය සභාව මඟින් “විදුර ජාතකය, කැප්පෙටිපොළ, දුටුගැමුණු චරිතය සහ කුස ජාතකය” නිෂ්පාදනය කරන ලදී. වර්තමානයේ නාට්‍යකරුවන් මුහුණපාන ගැටලු මෙන්ම එකලද ජෝන් ද සිල්වාට නාට්‍ය ක්ෂේත්‍රයේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.

චතුර කථිකයෙකු වූ එතුමා ජාත්‍යානුරාගය හා දේශීයත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ අයෙකි. තම නාට්‍ය දර්ශනවල විවේක කාලයේ දී වේදිකාවට නැගි ඔහු නාට්‍ය පිළිබඳ තොරතුරු බිඳක් පවසන අතරතුර ජාත්‍යානුරාගය සහ දේශීයත්වය පිළිබඳ අදහස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන ලද්දේ ඉතා සූක්ෂම ලෙසින්ය. එතුමාගේ සියලු නාට්‍ය සියලුම රසයන්ගෙන් යුක්තය. සෑම නාට්‍යයකම හාස්‍ය යොදාගෙන ඇත. උදාහරණ වශයෙන් සිරිසඟබෝ නාට්‍යයේ බම්මන්නාගේ චරිතයත්, ශ්‍රී වික්‍රම නාට්‍යයේ ඉලංගෙයි මොහොට්ටාලගේ චරිතයත් හුවා දැක්විය හැකිය. ඔහු හාස්‍ය යොදාගනු ලැබුවේ විඩාවට පත්වන ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමේ අදහසින් හා පාලක සමාජයට ප්‍රබලව දියයුතු පණිවුඩ හාස්‍ය මාර්ගයෙන් උපාහාසාත්මකව ඉදිරිපත් කිරීමටයි.


සිංහල සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරූ එතුමා නාට්‍යකරුවෙකු, කවියෙකු, කථිකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි අයෙකි. 1880 දී විවාහපත් වූ එතුමාට එක් දියණියක් සහ පුතුන් දෙදෙනෙක් සිටි අතර බිරිඳගේ අකල් මරණය නිසා දෙවැනි විවාහය කරගන්නා ලදී. එම විවාහයෙන් එක් දියණියක් ලැබූ අතර එම බිරිඳ ද අකල් මරණයට පත්වීමෙන් තෙවැනි විවාහය කරගත් ඔහුට එම විවාහයෙන් දියණියන් දෙදෙනෙක් ලැබුණි. රටට, ජනතාවට මෙන්ම කලාවට ආදරය කළ සහ සුවිශාල සේවයක් කළ නීතිඥ ජෝන් ද සිල්වා මහතා 1922 ජනවාරි 28 වන දින අභාවප්‍රාප්ත විය. ජනවාරි මාසයේම ඉපිද ජනවාරි මාසයේම මියයෑම විශේෂ සිදුවීමකි. එතුමාගේ මරණය පිළිබඳ “සිංහල ජාතිය පුවත් පතේ” පළවූයේ මෙලෙසිනි. “ජාතිහිතෛෂී, සද්ගුණවත්, නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ මරණයෙන් ලක්දිවට සිදුවූ හානිය ඉවසිය නොහැක්කකි.
විස්තර දිනමිණෙන්



------------------------------------------------------------------------------------------

අන්තර්ජාලය තුළ ඇසීමට ඇති ගීත 52 ක්
ටවර් හෝල් පදනමේ සංයුක්ත තැටිවල ගීත 60 ක් සහ
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ජෝන් ද සිල්වා නාට්‍ය නූර්ති එකතුවේ ඇතුළත් ගීත 964 ක්.
මෙහි සටහන්ව නැති ගීත සහ අසන්නට ඇති අනිකුත් ජෝන් ද සිල්වා ගීත එකතු කරමු

1. අති විශේෂ ස්තුතිය මෙහි පලවන සියලුම ගී පද රචනා උපුටා ගත් ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව පොත් වශයෙන් පළ කළ මහාචාර්ය සුනිල් ආරියරත්නට
2. එමෙන්ම කොපි රයිට් උල්ලංඝනය කරමින් ද නොදනිතත් මෙම එකතුව සිංහල OCR ස්කෑනරයකින් ස්කෑන් කොට අන්තරජාල ගතකොට ඇති විකි පොත් වලට
3. තෙවනුව එම ගී නැවත ගායනා කරවා අපට ඇසීමට සැල්ස්වූ ටවර් හෝල් රඟහල පදනම, ටොරානා ආයතනය ඇතුළු සියලුම සංයුක්ත තැටි නිෂ්පාදනය කළ ආයතන වලට
4. තමන් සතුව තිබූ සියලුම නෘත්‍ය ගීත මා වෙත නොමසුරුව ලබා දුන් දීප්ත විමලරත්න සහ @සිංදු ඇනෝ ට
5. මෙහි සඳහන් ගීත යූ ටියුබ් ගත කළ උදවියට
6. නූර්ති සහ වේදිකා නාට්‍ය ගී - බ්ලොග් පෝස්ට් - http://noorthi.blogspot.com/

අන්තරජාලය තුළින් අදටත් ඇසෙන ජෝන් ද සිල්වාගේ නූර්ති ගීත
1. ආමි ලංකාවේ - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
(රක්තාක්ෂි නම් යක්ෂයා සංචාරණය කරයි.)
ආසාවරි - දිප්වන්දි
රක්තාක්ෂි:
ආමි ලංකාවේ, මිනිකුණුරීරි
හොදහැටි කාබී
විසිමට පේවී
නෙත්ඔරවාලා මාගේ බැලීමෙන්
රටගම පාලු වේවි පණහානි
ආමි ලංකාවේ
ගිනිවගේ මගෙ දෑස රතාවී
ඒ දැක්ක දීපවාසී
බෝ පීඩාවී
වෙව්ලා උණගෙණ යක්ෂ මැරිලා //
ඒකුණුකාලා බොන්නෙමි රීරි
නිවුනි පිපාසේ
බීලා මිනිලේ කුසගිනි නිවුනි
මිනි කන සෙයිනි
ආමි ලංකාවේ, මිනිකුණුරීරි
හොදහැටි කාබී
විසිමට පේවී
(වැසියෙක් පැමිණේ.)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය:


2. අද වෙස්සන්තර රාජ පුතා - වෙස්සන්තර ජාතක - 1916 – ජෝන් ද සිල්වා
II ජවනිකා - වීථියක්.
තම්මැට්ටම්කාරයන්ද, නාගසලම්කාරයන්ද, උඩැක්කිකාරයන්ද, කළගෙඩි පිඹින ගෑනු කණ්ඩායමක්ද පිරිවරා ගෙණ මද්‍රි නම් කුමරිය අශ්වරථයකින් මහා පෙරහරින් සඳමහ රජුගේ මාලිගාව කරා ගමන් කරයි. නාගසලම්කාරයෝ මේ සින්දුව කියා නලා පිඹිති.
අද වෙස්සන්තර රාජ පුතා - මද්‍රී කුමාරි බඳී - දේවෝපකාරේ වේවා සෑදී සෙත් //
රට වැස්සන්ගේ කාලෙ හොඳා දුර්භික්ෂ යාය සිඳී - මංගල්ලේ සාරාවෙවා සෑදී සෙත් //
බෝම ප්‍රීති ඝෝෂා ඇසෙන්නා මෙ සිව් දිසා //
සෙත අත්පත්වේ මද්‍රී කුමරිහට දැන් //
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම් //
කුම‍රාගේ පිනක්මයයි - වාසනා බෝ - වාසනා බෝ
(සියලු දෙනාම නික්ම යති.)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: මොහොමඩ් ගවුස්, අමීර් ඛාන්,කේ.ඩී.ජෝර්ජ්
වත්මන් ගායනය: සමූහ ගායනා
YouTube Upload: Sinhala Song


3. ඇය් තරහෙන් මාන්නකාරි
සාගරිකා -(සුසංගතාව) මේ උඹ ගෙණා සිතියමද (යමින්)
අමිර්කල්යා්න් - ලාවනි,
වත්ස:
ඇය් තරහෙන් මාන්නකාරි පලා - දුවන්නේ දමලා මා මෙහි - පලා දුවන්නේ දමලා මා //
ඉවසිලිවන්තී කෝප නොවේවී - ශාන්තදාන්ත වේ //
කෝපේ නෑ නෙත බැලුවම තීගේ // සම්සුම් ලීලාවෙන් තිබේ
සැදී සුබාවසේවේ එපාය මිතුරි ගැන සංචල් - සකි එපාය මිතුරි ගැන සංචල්
සුසංගතා:
දැන් තරහෙන් ඉන්නවා මෑ නිරින්ද මා හා අපරාදේ සොඳ නිරින්ද මා හා අපරාදේ
කවටකමින් මා ඇස් රතුවෙච්චි ශාන්තවන්තිගෙන් //
අල්ලා ස්වාමිනි දකුණත ඈගේ // ඉල්ලාදෙන් සමා
නෙතේ නැතේ එකෝප බැල්මා හිතේහි පවතී තද කෝපා - ඇගෙ - හිතේහි පවතී තද කෝපා
(වත්ස සාගරිකාගේ අතින් අල්ලාගණී)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
වත්මන් සංගීතය: ජයන්ත අරවින්ද
වත්මන් ගායනය: ලක්ෂ්මන් විජේසේකර
YouTube Upload: Shamali Perera


නව ගායනයේ පද මාලාව
ඇයි තරහෙන් මානකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා //
ඇයි තරහෙන්
ඉවසිලිවන්තී කෝප නොවේවී
ශාන්ත දාන්ත වේ //
කෝපය නෑ නෙත බැලුවම තීගේ //
සන්සුන් ලීලාවෙන් තිබේ
සැදී තිබේ ස්වභාව සේවේ
එපාය මිතුරී ගැන සංචල් සකි
එපාය මිතුරී ගැන සංචල්
ඇයි තරහෙන්
කවට කමින් මා ඇස් රතු වෙච්චී ශාන්තවන්තියගේ //
අල්ලා ස්වාමිනි දකුණත ඈගේ //
ඉල්ලා දෙන්න සමා
නෙතේ නැතේ එ කෝප බැල්මා
සිත්හි පවතී තද කෝපා ඇගෙ
සිත්හි පවතී තද කෝපා
ඇයි තරහෙන් මාන්නකාරී
පලා දුවන්නේ දමලා මා මෙහි
පලා දුවන්නේ දමලා මා
ඇයි තරහෙන්

4. අකුදා නමව් මුනිඳුන්ගේ - දේවානං පියතිස්ස චරිතය - 1914 - ජෝන් ද සිල්වා
දෙවන පෑතිස්ස: ස්වාමිනි මනුෂ්‍යයන්ට පමණක් බුදුහාමුදුරුවෝ ගුරු නොවෙති. ත්‍රයිලෝකාචාර්ය බැවින් බඹ සුර නාග ආදි සියලුම සත්වයෝ උන්වහන්සේව වැඳ පුදා පින්කර ගණිති. ඔවුන්ටද අපට වාගේම බුඬධාතුන් වැඳීමට උරුම ඇති හෙයින් එසේ කරගැණීමට ඉඩදෙමි.
(දෙවි දේවත‍ාවෝ 3 දෙනෙක් පැමිණෙති.)
අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවගා
අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවගා
අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවගා
මෙ පාරිජාත පුෂ්ප බෝ පුදා ශ්රීව ධාතුන්වහන්සේ මේ
නමා සිත සර්ධාවෙන් බෝසේ
නිවන් පතමු බුදුන් කී සේ.
(මල් පුදති)
හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා
හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා
හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා
බුදුන්ගේ ධර්මබයෙන් ලෝකේ
පෙණී යන්නා මායා පෑදී
නිවන් ලැබගන්ටා සද්ධර්මේ සොයව්
භගවත් බුදුන්ගේ ලෝ
මිහිඳු - මහරජ නාගභවනයෙන් නාග සමූහයක්ද මෙම අකුධාතුන්වහන්සේ වැඳපුදා ගන්ට දැන් පැමිණෙති.
තිස්සරජ - ස්වාමිනි සසර වසන සියලු සත්වයන්ට එකහෙලා මෙමත්රීහ කරුණාවෙන් ක්රිපයාකළ අප තිලෝගුරු බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වැඳ ඔවුන්ද පින් රුස්කර ගන්නවාට කැමැත්තෙමි.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ?
වත්මන් ගායනය: නන්දා මාලිනී
YouTube Upload: Aruna Ranawaka


නව ගායනයේ පද පෙළ
අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවග
අකුදා නමව්
අකුදා නමව්
අකුදා නමව්
අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවග
අකුදා නමව්
අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවග
අකුදා නමව් මුනිඳුන්ගේ තිලෝවග
අකුදා නමව්
මෙ පාරිජාත පුෂ්ප බෝ පුදා ශ්‍රී ධාතුන්වහන්සේ මේ
නමා සිත සර්ධාවෙන් බෝසේ නිවන් පතමු බුදුන් කී සේ.
හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා
හෙළදිව් ලොවේ
හෙළදිව් ලොවේ
හෙළදිව් ලොවේ
හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා
හෙළදිව් ලොවේ
හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා
හෙළදිව් ලොවේ බබළන්නා දම් පැතිරා
හෙළදිව් ලොවේ
බුදුන්ගේ ධර්මයෙන් ලෝකේ පෙනීයන්නා මායා පෑදී
නිවන් ලැබගන්ටා සද්ධර්මේ සොයව් භගවත් බුදුන්ගේ ලෝ.

5. අඹ දඹ නාරන් - රාමායණ නාටකය - 1904 - වාල්මික - ජෝන් ද සිල්වා
අමිර් කල්යපන් - කැමිටා.
හණුමා:
අඹ දඹ නාරන්, කෙසෙල් දෙල්, පනා කකා මේ වනා සැපා ලබනෙම් //
ගංගාවේ ඕලු ඇත්තෙ - ඒ වාගෙ කෑම නැත්තෙ
ඈත පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපෙයි //
අඹ දඹ නාරන්, කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම් //
පක්ෂි නාදේ රෑත් ඇසේවි - හීන් හඬම දෙත් නයි //
මල්ලිකා වැල් බෝ තිබෙන්නා //
විශාල මෙ වනේ මම්
ප්‍රවේසම් බෝම වෙලා ඉන්නෙම්
වාස සොඳා බැද්ද මෙදා ප්‍රීති හදා, වෙයි නිබඳා
බෝ මාදන් ඇත්තෙ මේ ගහේ //
අඹ දඹ නාරන්, කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම් //
(හණුමා රාමා ලක්ෂමන් දෙදෙනා දැක නමස්කාර කරයි.)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
වත්මන් සංගීතය:
වත්මන් ගායනය: ටී ෂෙල්ටන් පෙරේරා
YouTube Upload: goonewj


6. අම්මාපා සුන්දර බාරී සිඹ සිඹ - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
සොඳුර - එහෙනම් බුලත් විටක් දෙන්ටකෝ.
බම්මන්නා: ඉඳා අම්ම‍ා කාපන්කෝ.
අම්මාපා සුන්දර බාරී සිඹ සිඹ ඉන්ට හැකී දුක් නොයෙදේ //
මූන දිලේ චන්ද්රා ලෝකසේ රත්තරනේ ඉන්ට හැකි දුක් නොයෙදේ //
සොඳුර:
ලක්ෂණේ කන්ටද වාහේ - විකාරදෝ - ලක්ෂණේ කන්ටද වාහේ //
මෝඩයෙකු වාගේ මේ ඇන්නෑ විකාරදෝ ලක්ෂණේ කන්ටද වාහේ //
බම්මන්නා:
සිත් දයාවෙන්ම කීමි තීගේ සුබා මෝඩකම් ඉන් නොපෙණේ //
මාගේ ප්රිුය සිදේවි දෙන්නෙමි හාදු මගේ කිට්ටු වී මුන හපම් //
හායි හායි කිට්ටුවී මූන හපම් ///
සොඳුර: නොදකින් නොදකින් නොදකින් මිනිමළ කතරගමේ මේ යෝදයා මගේ මූණ විකුවා.
(නික්මයති.)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය:

7. බන්දා මා දෙත්දෝ පියාණෝ - රාමායණ නාටකය - 1904 - වාල්මික - ජෝන් ද සිල්වා
vii. ජවනිකා - ජනකරජුගේ මාලිගාවේ උඩුමහල් මැදුරක්.
මෙවාඩෝ - දාදරා
සීතා:
බන්දා මා දෙත්දෝ පියාණෝ //
චාප තවම නොනැමියේ
බන්දා මා දෙත්දෝ පියාණෝ //
වයසා සපිරි මම
මාහලා තුළෙහි මෙම
පේවී සාදරෙන් ඉන්නෙම් //
බන්දා මා දෙත්දෝ පියාණෝ //
චාප තවම නොනැමියේ
බන්දා මා දෙත්දෝ පියාණෝ //
නමලා එ දුනු කඳ - පාවා ගනු මාවද //
නැද්දෝ කව්රුවත්ම ලෝකේ //
බන්දා මා දෙත්දෝ පියාණෝ //
චාප තවම නොනැමියේ
බන්දා මා දෙත්දෝ පියාණෝ //
(විශ්වාමිත්ර් රාමා සහ ලක්ෂමණ පැමිණෙති. විශ්වාමිත්රස රාමාට දුන්න පෙන්වා කථාකරයි.)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: කුමාරි මුණසිංහ
YouTube Upload: Meththa Metta


8. බෝ දොස් කියා මාගෙ - වෙස්සන්තර ජාතක - 1916 – ජෝන් ද සිල්වා
(ජූතක බමුණා පැමිණේ.)
(සින්දුව)
ජූතක -බෝදොස්කියා - මාගෙ - බෝදොස්කියා - මාගෙ බෝදොස්කියා සිවිදේසේ වැස්සෝ කිපී - පන්නා මාලූහ මෙවන දාසින්ව ලබා ගෙණා - සම්භවෙන්ටා සුන්දරී යන්නටා හැක්කීවෙදෝ - දානාදෙයිද වෙස්සන්තර බෝදොස් කියා - මාගෙ බෝදොස්කියා - මාගෙ බෝ දොස් කියා -
(චේතිය පුත්රද නම් වැදි පුත්රදයා කීන බල්ලන් සමග බල්ලන් සමග පැමිණ ජූතක බමුණාට බල්ලන් උසිගන්නයි. ජූතක බමුණා මරභයේ ගසට නගී)
වැදිපුත්ර යා -උසි උසි උසි
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: ජයලත් මනෝරත්න
YouTube Upload: Dinura Pradeep Balasooriya


බෝ දොස් කියා මාගෙ
බෝ දොස් කියා
සිරි දේසේ වැසියො කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගෙ
බෝ දොස් කියා
[දාසින් ලබාගෙනා
සම්බවෙන්ට සුන්දරී]//
යන්නටා හැකී වේදෝ//
දානෙ දෙයිද වෙස්සන්තර//
බෝ දොස් කියා ..
දාසින් ලබාගෙනා..
බෝ දොස් කියා මාගෙ..//
9. බෝම දෝෂ පැන්තොටේ - වෙස්සන්තර ජාතකය නාට්‍ය - - 1916 – ජෝන් ද සිල්වා
(සින්දුව)
අමිත්තතාප -බෝම දෝෂ පැන්තොටේ ගෑනු දැන් කියත් මෙරාල මගේ නාකි හින්දා බෝ හෙලාදකිත්
ජූතක - නාකියාගෙ රන් මුදල් ගත් තිගේ පියා හිලව්ව ‍කළේ තීව බන්දා දී මෙමා සොයා
අමිත්තතාප -බෝම බාලවූ මෙමා කාමදාසවූ මෙනාකි හමා මන්ද ගත්තේ ඉන් නිගාසෙවූ
ජූතක -නාකිවීම කාටමුත් ලෝ සුබාවකී බිරින්ද තිටත් ඒක වේමැයි ලෝජනා දකී
අමිත්තතාප -නාකි වෙන්ට කල් තිබේ දැන්ම දාසයන් මෙහාට සොයා ‍කැන්දවාපන් අද්දවන්ට පැන්
ජූතක -බාරි කෝප වෙන්ටෙපා පැන් ගෙණත් දෙමි එදාස වැඩේ මම් කරන්නෙම් තී නිසා නැමී
අමිත්තතාප -අහෝ නාකි බමුණා තා කෙරේ හුන් විපාකය අද ලද්දෙමි - මේගම ලමිස්සියන් මට පැන්තොටදී නොකළ නින්දාවෙක් නැත. වහා ගොස් ‍දාසයෙකු හෝ දාසියෙකු හෝ ගෙණෙනු නැතහොත් තා කෙරෙහි නොයිඳ යන්නෙමි.
ජූතක -එම්බා සොඳුර මහළු වූ බැවින් දාස දාසින් ‍ලද්දෙක් නොවෙමි. අද පටන් තොපට දර දිය දෙකෙම ගෙණත් දෙන්නෙමි. තෙපි ගෙය රැක ඉඳු.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: රත්න ශීලා පෙරේරා සහ ප්‍රේමදාස විතානගේ


10. දානේ මේ ලෝ ශාන්ති දෙයි බෝ - වෙස්සන්තර ජාතක - 1916 – ජෝන් ද සිල්වා
සඳමහරජ: මාගේ ඇමතිය විගස ගොස් වෙස්සන්තර කුමරුන් මෙහාට කැන්දවනු.
පළමුවන ඇමතියා: එසේ යහපති මහරජ. (ඇමතියා නික්ම යයි)
(සින්දුව)
සඳමහරජ:
දානේ මේලෝ ශාන්ති දෙය් බෝ දුගීමන් තොස්වෙත් බිසෝ මා //
ලෝකේ වස්තුවෙන් පලේ කෝ ////
මෙම දාන නැත්නම් ලොබා බෝ
පූසති දේවී:
පෙරුම් බල පෙණේය සින්දලාය - ලොබ හදේහි රන්දන
සුනිමල කෙරේය දාන චිත්ත මහ නිරින්ද සෝබන
කන්ට නැති යාචකයගේ ගින්න කුස නිවීම පෙම්කර
කුසලක් බව දැන් වැටහේය - එයින සිත නිමල වෙලායය් රාජේන්දර
දෙවන ඇමතියා:
ලෝකේ දුක් සිඳී සෙතාවේ ///
එම දානයෙන් සිත් නිමල්වේ //
තුනිවෙය් තණ්හා රජින්දේ //
දානේ මේලෝ ශාන්ති දෙය් බෝ දුගීමන් තොස්වෙත් බිසෝ මා
(කවටධූරන්දර මයුරනාද පැමිණේ.)
පද රචනය: ජෝන් ද සිල්වා
වෙස්සන්තර රාගතාල: මොහොමඩ් ගවුස්, අමීර් ඛාන්, කේ. ඩී. ජෝර්ජ්
නව ගායනය: ??


11. දහම් තේරී තිලෝනාගේ - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
1 වෙනි ජවනිකා - මහියංගණ විහාරස්ථානය.
රාජගුරු ඉදිරියේ සඟබෝ කුමාරයා දනගසා වැඳගෙන සිටියි.
ජිංජුට් පහඩි- දීප්වන්දී
රාජගුරු:
දහම් තේරී තිලෝනාගේ - නිමල ගුණාපා, සි‍ටින් බෑනා //
දහම් තේරී
ඇහුම්කන්දි, අසන් මෙවදන් //
රාගෙන් වේ නොයෙක් දෝෂා
වනේ කසනා, කලේ වාගේ
සැපාසංවාස, ස්ත්රින්ගේ
දහම් තේරී
යොවුන් පත්වූ, තොපේ මේ කයා //
බාධා වේ නිවන් යන්ටා
මනෝපුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා,
මනෝමයා
දහම් තේරී
බුදුන්ගේ දම් ‍නොරක්නා දනෝ //
සංසාරේ, විඳිත් දුක් බෝ
ගැලි පාපේ, එපා ඉන්ටා
පතා නිර්වාණ, සිටින් බෑනා
දහම් තේරී තිලෝනාගේ - නිමල ගුණාපා, සි‍ටින් බෑනා //
දහම් තේරී
මේ ලෝකයෙහි සියලු සත්වයන්ගේ විය්යර්‍ සැප පිණිස කරුණු ලැබේ. කුශල ධර්ම හැර වන්නාවූ සැපයෙක් නැත. එබැවින් කුශල ධර්මයෙහි තත්පරව පවතු.
(සඟබෝ කුමාරයා නැගිට සිට කියයි.)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය:


12. දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍ ම‍ගෙ‍ කා‍රී‍ බෝ‍ සේ‍ - වෙස්සන්තර ජාතක - 1916 – ජෝන් ද සිල්වා
[දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍ ම‍ගෙ‍ කා‍රී‍ බෝ‍ සේ‍
ගෙ‍න‍ පැ‍න්‍ ක‍ළේ‍ එ‍යි‍ දැ‍න්‍ ක‍ලේ‍
පෙ‍ම්‍ පා‍ ලො‍ලේ‍ බ‍ත්‍ කා‍ මු‍ලේ‍ ]//
දැන් බාරී තේරී
[නා‍කි‍න්‍ට‍ත්‍ මේ ලෝ‍කේ‍ සන්තෝසේ
බෝදෙත් නාරී ]//
දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..
මට බුලත් කොටාලා දෙන්නේ
කර පෙම් පෙම් පෙම්
මට බතුත් බෙදාලා දෙන්නේ
හුරතල් ලොල් ලොල්
[මහලු උනත් මම්
විඳිමි සැපාකම්]//
සිත් තොස් වෙන්නා මේ කාරෙන්
බෝ වී මාගේ වාසනා
දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..//
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍
YouTube Upload: Punchi Putha


13. දන්න වම්හුම් අප කන්නසාමි - ශ්‍රී වික්‍රම රාජසිංහ (අපේ අන්තිම රජ)- 1906 - ජෝන් ද සිල්වා
පිළිමතලව්වේ: මේ කුමරා රජකමට සම්මත කරණ ලද්දේ මෙහි රැස්වී සිටින තැනැත්තන් විසින් බව හොදින් හිතේ තබා ගත යුතුය. ඒ අපේ කැමැත්තට එකඟ වෙමුය. අපද ඊට දෙන කැමැත්ත මතු අවලංගු කළහැකි නොවේය.
බිහාග් කමාජ් - දාදරා.
දන්න වම්හුම් අප කන්නසාමි රාජධූරයේ //
රාජධූර - රාජධුර - රාජධුරයේ //
දන්න වම්හුම් අප කන්නසාමි රාජධූරයේ //
රකී බුද්ධ ධර්ම සීලෙ පූර්වේ රජුන් ලෙසේ //
අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ
යයි මැකී - යයි මැකී - යයි මැකී ලකේ
දන්න වම්හුම් අප කන්නසාමි රාජධූරයේ //
දනී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ //
ඉතින් ප්‍රීතියෙන්ම යමව් ඒතුමා වෙතේ //
ඒ තුමා - ඒතුමා - ඒතුමා වෙතේ //
දන්න වම්හුම් අප කන්නසාමි රාජධූරයේ //
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: එඩ්වඩ් ජයකොඩි
YouTube Upload: Hasitha Gunasinghe


14. දන්නෝ බුදුන්ගේ - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
“සංඝබෝධි, සංඝතිස්‌ස හා ගෝඨාභය යන කුමාරවරුන් තිදෙනා අනුරාධපුරයට යන ගමන් මග අතරතුර අන්ධ යාචකයෙකු විසින් අනාවැකියක්‌ ලෙස පවසන්නේ මේ කුමාරවරුන් තිදෙනා අතරින් පළමුවැන්නා, එනම් සංඝබෝධී රජවන බවයි. අනුරාධපුර නගරය දැසට හසුවන මායිමේ දී ඔවුන් විසින් මේ ගීතය ගයනු ලබන්නේ අනුරාධ නගරයෙහි පුර වැණුමක්‌ පරිද්දෙනි.”
බමුනා - පූර්ව ජාතියේදී අසරණ සතෙකුගේ ඇස් උගුල්ලා දමා මේ ජාතියේදි එය මට පඩිසන් දී තිබේ. ඇස් දෙක නැතුව ලොව සිටිනවාට වඩා එකපාරටම මියයන‍වා හොඳයි.
(සංඝතිස්ස, සඟබෝ, ගොඨාභය යන කුමාරයෝ තුන්දෙන මෙකී පිළිවලින් ලෑලි පාලම පසුකර යති.)
සංඝතිස්ස: දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීල නිබන්දා
ක්ලේශ නස්නා භික්ෂූ
ඇත්තේය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්‍රකාසේ
සඟබෝ: බූලෝ මතේ මේ දෙව්ලෝ පෑවා සේ
පේනා මෙපුර මුනි ශාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ
සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ
ගෝඨාභය: මානෙල් නෙලුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුනුවල බෝ ජල පෑදී
සේරු පංතී පංතී පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ
බමුණා - (අඩිශබ්ද ශ්රබවනය කරයි) ඔය පාලමේ දැන් යන තුන් දෙනාම ලංකාද්විපයේ රජකමට පත් වෙනවා ඇත.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: නන්දා මාලිනී සහ පිරිස
“මුලින්ම සිරිසඟබෝ නාට්‍යයේ දන්නෝ බුදුන්ගේ ගීතය තැටියකට ගායනා කළේ එච්. ඒ ලෝරන්ස් පෙරේරා”
YouTube Upload: Sinhala Song
https://youtu.be/KqT2JcXGCLE
නව ගායනය: හර්බට් රාජපක්ෂ
YouTube Upload: Dr196903


15. දැරී රාජා මකුට - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
සිරිසඟබෝ - තොපවිසින් ශ්රීනලංකාද්වීපයේ රජකමට අභිෂෙක කරනලද මවිසින් කටයුතු සියල්ලක්ම නීතියේ ප්රලකාර ඉෂ්ටකරන්නෙමි. (මෙසේ කියා ඔටුන්න හිසේ තබාගණී.)
පහඩි - දිප්වන්දි
දැරී රාජා මකුට ප්‍රමාද නොවී - බොහො ප්‍රීති ඇතී - දැරී රාජා //
සැරද නිරිඳුනි ලංකා නිවාස //
ජනද තුති දිදී ඉන්නා සිනාසී //
ලංකාව පාලන දෙයියෝ රකිත් - අපෙ රාජා
අපෙ රාජා!
රටට සෙතා වේ - සාගත සුන් වී //
නිතර නිමල සිල් රක්ෂා කෙරේවි //
ලංකාව පාලන දෙය්යෝ රකිත් - අපෙ රාජා! අපෙ රාජා!
දැරී රාජා මකුට ප්‍රමාද නොවී - බොහො ප්‍රීති ඇතී - දැරී රාජා //
ගෝඨාභය - බම්මන්නා මෙහි පැමිණසිටින නළුවන් ලවා සෙල්ලම් දක්වනු.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය:


16. දීපේ කිරිට රන් ‍සංඝබෝධිතුම් - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
කමාජ් - හිංචි චල්ති.
සෙල්ලක්කාරයෝ:
දීපේ කිරිට රන් ‍සංඝබෝධිතුම් //
පලඳා ශ්‍රී ලංකා සිංහල වංස දියුණු දෙයි බෝම - සාසනෙහි
පේවි - වැසියා බෝ සන්තෝෂ වෙයි ඊට ලක්දිවේ //
දම් සඟබෝ, දම් සඟබෝ දැන් වැජඹේ සිංහරාජ
සේම ලංකාවේ සිංහලයා බෝම ප්‍රීති වෙයි //
බම්මන්නා:
සිරියාවි මාගේ ආවානම් පිරියාවේ සිත්සේ //
දැක ආනන්ද බහුරූ - පාදේ කදිමට බැඳලා ගෙජ්ජි //
තම් දෙන තාන තාන තාලපූරණ නාට්ය් බාරියන් //
මාගේ බාරිට මේවා පෙන්නා සිටියොත් වෙන්නේ බෝ ප්රේබමේ //
දීපේ කිරීට රන් සංඝබෝධිතුම් //
හක්පිඹින්නා: මේ යෝදයාගේ බණේ කොච්චරවත් අඹුවගැනයි.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය:


17. දෙන දෙන දනයෙනි - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
බම්මන්නා: හොඳයි අපි සියලුදෙනාම එකතුවී යමු.
(නළාකාරයෙක්ද හක්පිඹින්නෙක්ද පැමිණෙති.)
කාලිංගඩා - දිප්වන්දි
නළාකාරයා හක්පිඹින්නා:
දෙන දෙන දනයෙනි අකුසල දුරලන
සනසන සැමදන මඳහස උවනින
ගුණ නැණ අබරණ නිතරම පලඳින
මන පිනවන සිරිසඟබෝ දනුමැන //
(ලීකෙලිකාරයෝ සහ කලගෙඩි සෙල්ලම්කාරයෝද පැමිණෙති.)
බම්මන්නා: උඹලාත් රාජාභිෂෙක‍ මංගල්යය බලන්ට යනවාද?
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය:


18. දේවදාර වෘක්ෂ චම්ප කා අශෝක චන්දනා - උත්තර රාම චරිතය - 1906 - ශ්රී භවභූතී - ජෝන් ද සිල්වා
iii ජවනිකා දණ්ඩකවනය.
(ලක්ෂමණද සීතාද පැමිණෙති)
සාරංග - දාඳරා
දේවදාර වෘක්ෂ චම්ප කා අශෝක චන්දනා
පූග තාල මූන මල්ද කදිර මෙවන නන්දනා//
බූරු ගෝන හස්ති අශ්ව - මේ වනේ පෙනෙත් විශාල
පෙනේ මෙතන වෘක්ෂ සාල - ගුමු නද දෙති භෘංග ලෝල
ජානකී, ජානකීට මාන්සි ඇතිවූ පාට දැන් පෙනේ පෙනේ
හාන්සි වෙන්ට මෙහි හොඳා නින්දයාවි මනමෙනේ
පුෂ්ප මඤ්ජරී තිබේ පිපී ලතා රුකේ වෙලී
භෘංග නාද කර්ණයේ සැදී මගේ මනා ලොලී
දේවදාර වෘක්ෂ චම්පකාශෝක වන්දනා
පූග තාල මූන මල්ද කදිර මෙවන නන්දනා
වුනේ මාන්සි දැනේ බෝම - හාන්සි වෙන්නෙමි වහාම//
මාගේ මල්ලි// මා ලගින්ම වාඩි වී මැ නා වනේ
නින්ද යාය බෝ සැරෙන්ම කූද්දනු මෙමා අනේ
ලක්ෂ්මන් හා සීතා නිරුපනය කෙරුණි
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය -උත්තර රාම චරිතය (1906)
නව ගායනය: මධුමාධව අරවින්ද


19. දිදී රැව් වනයේ ඉන්නා වූ - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
vii ජවනික - අත්තනගලු ආරණ්යාය
(සඟබෝරජු‍ගේ හිස නැති මෘතදේහය සිටගණ සිටී)
(බිසව කුරුල්ලන්ට කථා කරයි.)
පරජ් - ලාවනි.
බිසව:
දිදී රැව් - වනයේ ඉන්නා වූ
මොනරුනේ මාගේ සැමි කෝ කෝ
ම හද දුකිනා දෙදරා යයි යයි
සැමි දේහේ කොහේ දැයි පෙන්නා දෙව්
ගෝරවු දුකා කෙලෙසා වානෙමි - ම පණහානිවේමින් //
සෙනේ පාපු ස්වාමි නොදැක //
කෙසේදෝ ඉන්නෙ මෙලෝ කුසයේ //
දිදී රැව් - වනයේ ඉන්නා වූ
මොනරුනේ මාගේ සැමි කෝ කෝ
ම හද දුකිනා දෙදරා යයි යයි
සැමි දේහේ කොහේ දැයි පෙන්නා දෙව්
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: චන්ද්‍රාණි ගුණවර්ධන


20. දුටුවාද ස්වාමි - මගෙ ස්වාමි - රාමායණ නාටකය - 1904 - වාල්මික - ජෝන් ද සිල්වා
(මුවෙක් පැමිණේ)
ලක්ෂමණ: අයියා බලාපන් අර මුවාගේ ලක්ෂණ. උගේ අමුතු ලක්ෂණයක් තිබෙනවා.
(සීතා මුවාදැක මෙසේ කියයි)
ජිංජොට් - ත්රිතාල.
සීතා:
දුටුවාද ස්වාමි - මගෙ ස්වාමි //
ලක්ෂණ මුවයාය //
චර්ම පුල්ලි පේලි සෑදී - නේත්‍ර මාගේ ප්‍රීති වේවී //
රැගෙණ උගේ හම රන්වන් - සාදනු මට හැට්ටේ ස්වාමි //
රැගෙනා උගේ හම රන්වන්
සිත ආශා වේ බොහො මාගේ
වයිරන් පුල්ලි ලාපූ
ලක්ෂණ මුවායා //
දුටුවාද ස්වාමී මගෙ ස්වාමී //
දුටුවාද ස්වාමී මගෙ ස්වාමී
ලක්ෂණ මුවයා //
ලක්ෂමණ: ඔය මුවාට රැවටෙන්ට එපා.
සීතා: අනේ ඌ මට අල්ලාදියන්.
රාමා: මම ඌ පාරේ එලවා ගොසින් අල්ලා ගෙණෙඤ්ඤා.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: ??
YouTube Upload: Young Players

21. ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා - ශකුන්තලා - 1904 - කාලිදාස - ජෝන් ද සිල්වා
(ශකුන්තලා මාධවීවැලට පැන් වක්කරණ කල මීමැස්සෝ මල්ලිකා මලෙන් නික්මැවිත් ඇගේ මූණේ වසයි. ඕතොමෝ හිස සොලවා මෙසේ කියන්නීය.)
මාඩී - ලාවනී
(ශකුන්තලා අනසූය සහ ප්රිේයම්වද සිත් සංවල්වී රජු දෙස බලති.)
ශකුන්තලා: ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා කරදර විය බොහොසේ //
ඒ මල ‍දමලා ආවේ ගුම් ගාලා මාගේ මූණ රිද්දා //
ඒ මල දාලා ආවෙ ගුම් ගාලා මාගෙ මුහුණ රීද්දා//
වත මාගේ, මල වාගේ, දැක හෘංගේ, මෙහි රිංගේ
මම කාට කියමි හිරිහැරදෙන මේවා මාගේ මූණ රිද්දේ //
ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා කරදර විය බොහොසේ
දුස්මාන්තා: ආණුඩු මෙ දේසේ ඇත්තේය සොඳසේ. දුස්මන්තා රජුගේ //
දැරු ශාන්ති, සොමි කාන්තී. ගුණවන්තී, යුතු භක්තී
මෙදෙසේ වැසි කව්දැයි හිරිහැර කෙරුවේ පවසන් සිරියාවි //
ශකුන්තලා + දුස්මාන්තා: ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා කරදර විය බොහොසේ //
ශකුන්තලා: ඒ මල දාලා ආවෙ ගුම් ගාලා මාගෙ මුහුණ රීද්දා //
ශකුන්තලා + දුස්මාන්තා: ගුමු නාදේ දෙන බඹරගෙ දොසිනා කරදර විය බොහොසේ//
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: දේවාර් සූර්යසේන සහ නීලියා ජයරත්න
YouTube Upload: AMMJ Wijesiriwardene

22. හායි රිවි බිම්බා ලෙස තෙදපත් - වෙස්සන්තර ජාතක - 1916 – ජෝන් ද සිල්වා
1 අංකය - I ජවනිකා - සිව්රට මාලිගාව.
සඳමහ රජ්ජුරුවෝද පූසති දේවීද සිටිත්, ඇමතියෝ දෙදෙනෙක්ද සිටිත්.
නාටිකාංගනාවෝ හදෙනෙක් රැඟුම් දක්වති. (සින්දුව)
නැට්ටුක්කාරියෝ:
හාය් රිවි බිම්බා ලෙස තෙදපත් ///
රාජා සිරින් - තොස්දෙය් ලෙවන් //
රිවි බිම්බා ලෙස තෙද පත් - හාය් - රිවිබිම්බාලෙස තෙදපත්
පෝසත් මේ දේස රක්නා සිඳා රුපු නොදේ
ලෝ ජනා සිත් පිනී මෛත්රි යෙන් හදේ
මේ රජින්දා අපේ - දුක් ලෙවන්ගේ ලොපේ //
රිවි බිම්බා ලෙස තෙදපත් - හාය් රිවිබිම්බා ලෙස තෙද පත්
රාජා සිරින් - තොස් දෙය් ලෙවන් //
රිවි බිම්බා ලෙස තෙද පත් - හාය් - රිවි බිම්බා ලෙස තෙදෙපත්
වෙස්සන්තර් නාම ලද්දේ පුතා රජිඳුගේ
දානදී පාරමී ධර්ම පුරණේ
මේ කුඩා කාලෙදී - දන් දුගින්ටා පිදී //
රිවි බිම්බා ලෙස තෙද පත් - හාය් - රිවි බිම්බා ලෙස තෙද පත්
රාජා සිරින් - තොස් දෙය් ලෙවන් //
රිවි බිම්බා ලෙස තෙදපත් - හාය් - රිවි බිම්බා ලෙස තෙදපත් //
(දොහොරා කියන කල සියලුම නැට්ටුවෝ රජුට නමස්කාර කරති)
පද රචනය: ජෝන් ද සිල්වා
වෙස්සන්තර රාගතාල: මොහොමඩ් ගවුස්, අමීර් ඛාන්, කේ. ඩී. ජෝර්ජ්
නව ගායනය: ??


23. හෙල දිව නුබ කුස පෑවු රජ සිසි - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
iii. ජවනිකා - අනුරාධපුර රාජභවන.
සිරිසඟබෝ උදුම්බරා ආසනයක වාඩිවි සිටී. උදුම්බරා පත්ර් ඇද තිබෙන මණ්ඩපයක මැද ආසනය තිබේ. දෙදනෙක් වාමර සලති. ක්ෂත්රියය කුමාරිකාවක් සුදු හක්ගෙඩියක පැන් දමාගෙණ සිටියි. බ්රාහ්මණයෙක් රිදි හක්ගෙඩියක පැන් දමාගෙණ සිටියි. වෛශ්යෙ පුත්රතයෙක් රන් හක්ගෙඩියක පැන් දමාගෙණ සිටියි. නොයෙක් කෙලි සෙල්ලම් ඇතුළු පිරිසක් පැමිණ සිටිති. ගෝඨාභය කුමාරයා ඇතුළුවු පිරිසක්ද සිටිති. ඔටුන්න සඟබෝකුමාරයා ළඟ ආසනයක තිබේ. රාජාභිෂෙකමංගල්ය්ය පටන්ගණු ලබයි.
ක්ෂත්රිෙය කුමරියද, බ්රාඔහ්මණයාද, වෛශ්යබපුත්රදයාද මෙසේ කියති.
බූපකල්යා‍න් - පංජාබ්
හෙල දිව නුබ කුස පෑවු රජ සිසි //
පෑවුමේ රජ සිසි
හෘදය කෞමද ප්‍රීතී
හෙලදිව නුබකුස පෑවූ රජසිසි
තුතිනිති ලැබෙවිය ලැ‍ෙබවිය //
හිසේ මකුට රන් පළදින මඟුලකි //
ලෝකේ තේජරැස් යයි නරපති //
හෙලදිව නුබකුස පෑවු රජසිසි
හෘදය කෞමද පිපි
මඩී රුපුදන සුගුණෙනි //
රකී සවණ දම් නිරතුරු ලක කුස //
තේරි සීල පුරාවී නරපති
හෙල දිව නුබ කුස පෑවු රජ සිසි //
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය:


24. හිතා උන්න සේම - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
iv. ජවනිකා - ‍ගෝඨාභයගේ මාලිගාව
ගෝඨාභය සි‍ටියි.
දනාසරි- දාදරා.
ගෝඨාභය:
හිතා උන්නසේම රාජධූර අත්වි දීපේ //
අත්වි දිපේ, අත්වි දීපේ,අත්වි දීපේ, ඔහො අත්වි දීපේ
හිතා උන්න සේම රාජධූර අත්වි දිපේ
හොඳහැටි කා බිබි - සැප ලබතෑකි //
හිත ප්‍රීති වේය මාගෙ, බෝ දැන්, බෝ දැන්
හිතා උන්න සේම රාජධූර අත්වි දිපේ //
මොකටද ආගමා සැප හැර මෙලෝ //
හිත ප්‍රීති වේය මාගෙ, බෝදැන්, බෝදැන් - ඔහො බෝදැන්, බෝදැන්.
හිතා උන්න සේම රාජධූර අත්වි දිපේ ///
(මන්ත්‍රී පැමිණේ.)
ගෝඨාභය: මන්ත්‍රී සඟබෝ රජුගේ ආරංචියක් තවම නැද්ද?
මන්ත්‍රී: ආරංචියක් නෑ. මේ වැසියන් කීපදවදක සිට ගෙණෙන මිනිස් හිස් එකක්වත් සඟබෝ රජුගේ හිස වාගේ නෑ.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: නිශ්ශංක දිද්දෙණිය


25. කාලා තොස්වී දැන් - වෙස්සන්තර ජාතක - 1916 – ජෝන් ද සිල්වා
සඳමහරජ: එය දෙවනු කරන්ට පුළුවනි දැන් තොපට පුළුවන් හැටියට කියනු.
මයුරනාද: එහෙනම් අසන්ට හොඳා.
(සින්දුව)
කාලා තොස්වී දැන් පිටත් වෙන් - ගාලා සින්දු සිත් සතොස් දෙම් - සාදා දුන්බත් දැන්ම කාපන් -
මගේ පෙම්බරාණේ පා ප්‍රේමේ //
පැනි පොල්ලා සෑදූ මේ බත්කෑම - බෝම දෝෂ දේමැයි නැස්ම -
වාසලේදී නාම්බාවේ //
සින්දු කන්දී තොස්නෙන් - උන්ඩි උන්ඩි බත්කාපන් //
කව්රුත් මේවා කෑවොත් පම් පම් කැස්සත් ඔක්කාරේ වෙයි දොක්කම්
සර්වාංග හයිවේ දොස් සුන්වී //
කාලා තොස්වී දැන් පිටත් වෙන් - ගාලා සින්දු සිත් සතොස් දෙම් - සාදා දුන්බත් දැන්ම කාපන්
මගේ පෙම්බරාණේ පා ප්‍රේමේ //
පූසති දේවී: ඉඹුල්කිරිබත් ඔපමණ හොඳද?
මයුරනාද: එලකිරෙන් තම්බා පැනිපොල් ඇතුළට දමා පුවක් පට්ටයක් අරන් තිරිබත ගෙඩියක්වාගේ හිටින්නට පට්ටෙන් ඔතලා මිරිකලා ඇරියාම හරියට බෙරයක්වාගේ හයිවෙනවා. ඔයින් දෙකක් පාන්දරට කෑවාම ඉරමුදුනට එනකල් මොකවත් වෙන කන්ට ඕනෑ නෑ.
පද රචනය: ජෝන් ද සිල්වා
වෙස්සන්තර රාගතාල: මොහොමඩ් ගවුස්, අමීර් ඛාන්, කේ. ඩී. ජෝර්ජ්
නව ගායනය: ??


26. ලංකා රජින්දා මේ - ශ්‍රී වික්‍රම රාජසිංහ (අපේ අන්තිම රජ)- 1906 - ජෝන් ද සිල්වා
ශ්‍රී වික්‍රම රාජසිංහ: ඇහැලේපොලේ නිලමේ සබරගොමු දිසාවට විගස පැමිණ එහි බද්ද එකතු කර දැනට පවතින කැරලි කෝලාහල නවත්වා සමාදානය එහි පවතින්ට සලස්වනු මැනවි.
බූප්කල්යාැන් - ත්‍රිතාල්
ඇහැළේපොල:
ලංකා රජින්දා මේ - ඔහො - ලංකා රජින්දා මේ
කීසේ නික්ම යමි සන්තෝසේ //
ලංකා රජින්දා මේ - ඔහො - ලංකා රජින්දා මේ
මේ රට වාසී දෙත් ඔත්තු පේවි - රාජකාරී ඇත මෙම දීපේ //
පෙරලිය නැතිකර ‍මම එහි - ඔතුගෙණ //
බදු එවනෙමි මෙහි
ලංකා රජින්දා මේ ////
මේ පුර ලක්ෂණයෙන් තැබූ කල්හි - සිංහලුන්ට සිදුවෙය නම්බු //
මහජන වැඩ‍ ගැන නරපති වෙහෙසෙන //
එක හොඳ ලකුණකී
කීසේ නික්මයමි සන්තෝසේ
ලංකා රජින්දා මේ - ඔහො - ලංකා රජින්දා මේ
ලංකා රජින්දා මේ ////
(ඇහැළේපොල නික්මයයි.)
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: වික්ටර් පෙරේරා


27. ලෝකානන්ද තිලෝනා - සිරිසඟබෝ චරිතය - 1903 - ජෝන් ද සිල්වා
3 අංකය (රුවන්වැලිසෑය දාගොබ සුදුවස්ත්රත පැලඳ සඟබෝ කුමාරයා මල් පූජා කරයි.)
ජිංජුට් ජිල්ලා - ගසල්
සඟබෝ:
ලෝකානන්ද තිලෝනා නමා මල් මේ පුදම්
ශ්‍රී පාද පත්ම ශාඛ්‍ය සිංහ සාදරෙන් වඳිම්
රම්ය වූ පංසිල් රකින්ට ලෝකයේ බැතින්
වේවා මට වාසනා දැන්මේ පූජා බලෙන්
මිත්‍යා ධර්ම විකාරේ පෙනෙන්නා වූ සුදම්
මෝහාන්ධකාර සූන්ය වෙන්ට සාදරයෙන් වඳිම්
රම්ය වූ පංසිල් රකින්ට ලෝකයේ බැතින්
වේවා මට වාසනා දැන් මේ පුජා බලෙන්
තෝරා ධර්ම බුදුන්ගේ ලොවේ ඉන්නා උතුම්
ශ්‍රී සංඝ රත්න සාදරෙන්මප්‍රීති වී වඳිම්
රම්ය වූ පංසිල් රකින්ට ලෝකයේ බැතින්
වේවා මට වාසනා දැන් මේ පූ‍ජා බලෙන් //
(ගෝඨාභය පැමිණ දාගොබට නමස්කාරකොට දෙවනු සඟබෝ කුමාරයාට කථාකර මෙසේ කියයි.)
ගෝඨාභය - සංඝතිස්ස රජ්ජුරුවන් ස්වර්ගස්තවූ බැව්න් තමුන්නාන්සේ රජකමට පත්වෙන්ට ඕනෑ.
පද රචනය: ජෝන් ද සිල්වා
තනුව: ඉන්දියානු සංගිතඥ විශ්වනාත් ලෞජි
නව ගායනය: නන්දා මාලිනී


28. මාගෙ ළදැරියා සංගීත පිරියා - වෙස්සන්තර ජාතක - 1916 – ජෝන් ද සිල්වා
බිසව: ජයසේන නුඹේ ස්ත්‍රීටත් කියන්ට පුළුවන් සින්දුවක් පටන් ගණින්.
ජයසේන: මට කියන්ට පුළුවන් කැමති සින්දුවක් ඈ‍ටත් පුළුවනි.
චේතිය: එහෙනම් කිව්වාට මන්ද
(සින්දුව)
ජයසේන: මාගෙ ළදැරියා සංගීත පිරියා, දෙව්ලෝ නිවසනා රම්බා වගේ
ඔමරි: මට පෙම් පාන වාගේ දෙයි සැපා
ජයසේන: බාරි වාගේ මේලෝකෙ නෑ අංගනා
ඔමරි: සබාස් සබාස්
ජයසේන: බාරි වාගේ මේලෝකෙ නෑ අංගනා
ඔමරි: ප්‍රීති වෙයි මනා
ජයසේන: - හාය් නැලවෙන්කෝ කියා සින්දු බාරි
අන්දම් සො‍ඳේ - රාගේ හො‍ඳේ - තාලේ හො‍ඳේ - චේතී රටේ - රාජා නදේ - මාගේ ල‍ඳේ - තෑගි පිදේ - ශෝකා සි‍ඳේ - ඇත්නම් හදේ - ගීතා නදේ - වන්කලේ ක‍ර්ණෙ‍ණ - සීදේවී
ඔමරි: අපි දෙන්නා කියාලමු සින්දු‍ මේ - ඊට සරෝස් නොවෙය් රජින්දා
ජයසේන: මා හොඳ පුරුසා - තීගේ මනා පිනේ
ඔමරි: ඉන්නා බස්සා වාගේ වාගේ
ජයසේන: ඇයි
ඔමරි: හුයි
ජයසේන: මාගේ ළදැරියා සංගීත පිරියා දෙව්ලෝ නිවසනා රම්බා වගේ
ඔමරි: මට පෙම් පාන වාගේ දෙයි සැපා
ජයසේන: බාරි වාගේ මේලෝකෙ නෑ අංගනා
(වෙස්සන්තර රජ මද්‍රි බිසෝ ජාලිය කුමර සහ ක්‍රිෂ්ණජිනාවෝ පැමිණෙති)
පද රචනය: ජෝන් ද සිල්වා
වෙස්සන්තර රාගතාල: මොහොමඩ් ගවුස්, අමීර් ඛාන්,කේ. ඩී. ජෝර්ජ්
නව ගායනය: ??



------------------------------------------------------------------------------------------------


සම්පුර්ණ විස්තර ඇතුලත් ලිපිය  සැකසුම Chiran Windsor  විසින් ....

මෙහි ඇතුලත් ගීත ඇසීමට මෙතැනට එන්න

4 comments:

  1. ඉතාම වටිනා දුර්ලභ ලිපියක් මෙන්ම ගීතද එක් තැනක අන්තර්ගත කිරීම පිළිබද ස්තූතිය

    ReplyDelete
  2. ඉතා වටිනා ලිපියක්
    බොහෝ පින් සිදු වේවා ඔබට

    ReplyDelete
  3. Thank you so much. A wonderful article

    ReplyDelete
  4. Ithama watina lipiyak.obata meya pothak vidiyatath palakaranna puluwan.

    ReplyDelete