Tuesday, September 12, 2017

බිංදු බිංදු රන් ගෝමර මාලා


ජන කවි ආශ්‍රිතව බිහි වුන සින්දු අපේ හද ගන්නේ ජන කවිය තුළ අපට ඇති කිට්ටු බව හා ජන විඥානය නිසා ද කියලා හිතෙනවා. ජන කවි ආශ්‍රයෙන් නිර්මාණය වූ ගීත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජන කවි නාද රටා ඇසුරෙන් සංගීතය නිර්මාණය කොට ඇති ගීත. අනික තමයි ජන කවි ඇසුරෙන් පද මාලා රචනා කොට ඇති ගීත. ජන කවි ඇසුරෙන් පදමාලාව රචිත ගී සමහරක ජන ගී නාද මාලා භාවිත කරලා නැහැ (උදා - මිනි මිනි පොදේ). ජන නාද රටා ඇති ගීත සියල්ලකම පදමාලාවන් ජන කවි ඇසුරෙන් ලියා ඇත්තේ ද නැහැ (උදා - රුක් අත්තන මල මුදුනේ). මෙම කවි/ගීත එකතුවේ ඇතුළත් වන්නේ පළමු වර්ගයට අයත් ජන කවියේ පද වලින් ඍජුවම හෝ ඉතා සුළු වශයෙන් ගී පද වලට ආභාසයක් ලබුවා කියලා හිතෙන ගීත විතරයි. සමහර විට ගීතයේ යම් පද කිහිපයක් පමණක් ජන කවියකට සමාන හෝ ජන කවියක් මතක් වෙන ගීතත් දාලා ඇති (උදා: බණ්ඩාර මැණිකේ). ගී තනුවට ජන කවියේ ආබාසය ලැබූ ගීත මෙම ලැයිස්තුවට ඇතුළත් නොවුනත් ඉඳ හිට ඒ වර්ගයේ එකක් දෙකක් දාලා ඇති.