Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts
Showing posts with label රෝහණ වීරසිංහ. Show all posts

Friday, June 30, 2017

මල් පෙති දහසක්



මල් පෙති දහසක් ඉහිරුණු මාවත
අප පියමැන ගිය දින මතකයි
දේදුණු පැහැ ගත් සමනළ රෑනක්
අප නැළවූ සැටි තව මතකයි..
ආ..හා ආ..

මල් පෙති දහසක් දස අත විසිරුණු
නැවුම් සුවඳ තවමත් මතකයි..
අතිනත පටලා අප තෙපලූ බස්
මලින් මලට ඇසුනා මතකයි..
ආ..හා..ආ..

ලොවම එරෙහිවී ඔබ වෙන්වූ දින
සිත ඉකිබිඳ හැඬුවා මතකයි..
දිවිහිමියෙන් මා ඔබ වෙත පුද දුන්
සෙනෙහස මියගිය හැටි මතකයි..
ආ..හා..ආ..

ගායනය : සුජීවා ප්‍රියන්ති
පද රචනය : ලලිත් ගුණරත්න
සංගීතය : රෝහණ වීරසිංහ.


නෙතක් උපන්නේ



නෙතක් උපන්නේ ඔබව දකින්නයි..
නෙතට අහිමිවූ එකම රුවත් ඔබමයි..
සවන් උපන්නේ ඔබව අසන්නයි
කනට අහිමිවූ එකම හඬත් ඔබමයි
වටහාගනු බැරි එකම සිතත් ඔබගෙයි...

රන්හුයකින් බැඳ සිරකර තැබුවේ
ඔබේ නමට පිදු නිකළැල් ආදරයයි..
මෙවුළේ මුතුකැට වී දිදුලන්නේ
ඔබේ පෙමට හඬනා දෑසක කඳුළුයි..

නෙතක් උපන්නේ......

මල් යහනේ සැතපෙන තුන්යාමේ
සිතින් සොයන්නේ ඔබෙ සුසුමක සිහිළයි..
නුහුරු ලොවක රැජිනක වී ඇත්තේ
හිසේ රැඳියයුතු මිණි කිරුළක් නැතිවයි..
නෙතක් උපන්නේ....

ගායනය : සුජීවා ප්‍රියන්ති
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ
වැඩි විස්තර

Thursday, June 22, 2017

ඔබේ මාවත එයයි ..

Image result for බණ්ඩාර කේ. විජේතුංග

ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි
එකිනෙකට වෙනස් වුණ
දෙඅතකට ඇදී යන
ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි

මේ නුහුරු දෙමාවත
එක් වෙතැයි යම් දිනක
කුමට ඔබ අප දෙදෙන
එකිනෙකා රවටමු ද

සියලු දුක් නිවාරණ
කෙම් බිමක් හමුවෙතැයි
මමත් නොසිතමි ළඳුනි
ඔබත් නොසිතනු මැනවි

පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
තනුව සහ සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ

වැඩි විස්තර  ඉදිරිපත් කලේ Chiran Windsor