ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි
එකිනෙකට වෙනස් වුණ
දෙඅතකට ඇදී යන
ඔබේ මාවත එයයි
මගේ මාවත මෙයයි
මේ නුහුරු දෙමාවත
එක් වෙතැයි යම් දිනක
කුමට ඔබ අප දෙදෙන
එකිනෙකා රවටමු ද
සියලු දුක් නිවාරණ
කෙම් බිමක් හමුවෙතැයි
මමත් නොසිතමි ළඳුනි
ඔබත් නොසිතනු මැනවි
පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග
තනුව සහ සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ
වැඩි විස්තර ඉදිරිපත් කලේ Chiran Windsor
No comments:
Post a Comment