Wednesday, June 28, 2017

දොම්පෙට යන පාර කියපියෝ


පිටිසරබද ආදි කාළයේ...
ගමයෙක් විය පරණ තාලයේ...
තරහ ගියොත් මිනිහ හරි සැරයි
බඹරේ වගේ ගමන කඩිසරයි
ගමරාළගේ පූරුවේ පවින්
කන් ඇහෙන්නේ නැතිලු දෙවියනේ
ගමයෝදිය තමයි ඒ පැලේ
වැඩ කටයුතු පිළිවෙලක් කලේ
ගමමහගෙත් බිහිරි වු කෙනෙක්
ඒක නිසයි දෙන්නා පෑහුනේ
දෙදෙනාගෙම කන ඇහෙන්නේ නෑ
ලණුවයි කණුවයි වගේ තමා
ගෙදර උන්නේ එකම තරුණියයි
ගම යුවලගේ කොමළ දියණියයි
චීත්තයක් සමග මල් රැදී
බදට කැපෙන හැට්ටයක් අදී
කරේ බැන්ද පබළු වැට පොටයි
අතේ බම්බු වළලු දෙක නටයි
දුටුව තරුණයන්ගේ ඇස් පිනයි
මුතු කුමාරි වාගේ ලස්සනයි
රෝස මලෙත් නටුවේ කටු තිබේ..
ඒ ළමිස්සි බිහිරි විය ඉබේ
ගමරාළගේ බිහිරි පවුලකි
එතන ගෙදර නිතර අවුලකි
පවුල බලා කිකිළි නටනවා
නටන කිකිළි කෙකර ගානවා
ගමරාළගේ කොටුව මේරුවා
ගමයා බතල ටිකක් හෑරුවා
මේ වෙළාවේ තරුණයෙක් ඇවිත්
දොම්පෙට යන පාර අහනවා
බිහිරි ගමයා බතල ගැන හිතා
ලාබට දෙනවා හිටිං පුතා
ලොක්කෝ ඔය බතල මට එපා
දොම්පෙට යන පාර කියනවා
බතල හොදට පැහිලා තියෙනවා
හාරනකල් ටිකක් හිටිනවා
මම ඇහැව්වේ පාර නොවෙද ඕයි
තමුසේ බතල කතාවක් අහයි
කෙහෙල් මලක් දන්නේ නෑ වෙනින්
ලොක්කි ඉන්නේ ගිහින් අහගනින්
දොම්පෙට යන පාර කොයිබදෝ
අම්මේ මට කියා දෙන්නකෝ
වියපු පැදුර දැන්ම දෙන්න බෑ
සායම් ටික දමා ඉවර නෑ
උඹේ උලව් පැදුර මට එපා
දොම්පෙට යන පාර කියපියෝ
මිළ වැඩි නෑ හරි ගජ ලාබයි
සායම නෑ දෙන්නට ලෝබයි
මේකත් මහ බිහිරි හටනයක්
උඹේ ගෙදර නැද්ද වෙන කෙනෙක්
අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්
මේ මිනිහට පැදුර ගැන කියන්
උඹවත් දැන් ඉතිං නංගියේ
දොම්පෙට යන පාර කියාපන්
තරුණෙක් මට එනවා යැයි කියා
කපුටා කීවේ මේ තමයි එයා
අම්මා අප්පා දෙන්නා කැමති නම්
කසාදයට බොහොම කැමති මං....

එච්. එම්. වී. තැටියක පටිගත කෙරුණු පළමුවන විරිඳුව වූයේ "දොම්පෙට යන පාර කොයිබදෝ" විරිඳුවයි. යූ. ඒ. එස්‌. පෙරේරා මහතාගේ තවත් අනර්ඝ නිර්මාණයක්‌

ගීතය අහන්න  වැඩි විස්තර සඳහා 

No comments:

Post a Comment