Showing posts with label ගුණදාස කපුගේ. Show all posts
Showing posts with label ගුණදාස කපුගේ. Show all posts

Monday, June 19, 2017

මා හඹා ගිය සම්පතක්

Image result for මහින්ද දිසානායක

මා හඹා ගිය සම්පතක්
සොයා ආ දා මා නිවසේ
හඹා ගිය දා තිබූ ආශා
මා වෙතින් දැන් පලා ගොස්

විජිතයක් බඳු ප්‍රේමයක්
පතා කළ සංග්‍රාමයක්
දිනා ලද අභිෂේකයෙන් පසු
දැනේවිද එහි අරුමයක්

නොනිමි ගමනේ විඩාවක්
නිවාලන විසිතුරු විලක්
දැක ගිලී සැණාසි නිවුණු පසු
දැනේවිද පෙර අසිරියක්

ගී පද - මහින්ද දිසානායක
ගායනය/සංගීතය -ගුණදාස කපුගේ