Wednesday, August 30, 2017

කැන්දේ ලියද්දේ

කැන්දේ ලියද්දෙ වනාතෙ නෙළද්දි
පළා තනි පංගලමේ
මන්ද මමත් සිටියා නොව හැංගිල
හේඩාවෙ පන්දලමේ

වාගෙන මන් සිටියා බැරුවා රං
දේදුන්නෙ සෙයියා තිගේ
නාගෙන එද්දි වගෙයි අහන්නට
හිත දුන්නෙ ඒකයි නගේ

හේනත් සරුයි දුටු හීනත් සැබෑවන
කාලෙ ඉතිං ළඟමයි
නෑනත් මගෙයි ගෙයි පානත් නුඹයි
නුඹෙ කෝලෙ අගෙයි අරුමයි

ගායනය හා සංගීතය - අානන්ද විජේරත්න
ගී පද - සාලිය ගුණවර්ධන

(ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකු වන ප්‍රවීණ ගායන ශිල්පී අානන්ද විජේරත්නයන් ගයන “කැන්ද ලියද්දෙ වනාතෙ නෙළද්දි” නම් ගීතය දැන් නෑසෙන මට්ටමේ ගීතයකි.)
වැඩි විස්තර මෙතැනින්

වලාරොදක් තුළ


වලාරොදක් තුළ සැඟවුණු දිය බිඳු
පොලොවට පතිත වුණා සේ
යෞවන හදගැබ අැවිලෙන ගිණිදඬු
සේදී නිමී ගියාවේ
සේදී නිමී ගියාවේ

මව්කිරි බිඳකින් දැඩිවුණු සිරුරට
වස විස කවා පොවාලා
රට වෙනුවෙන් රැකගත යුතු ජීවිත
වනසා නසා දමාලා
වනසා නසා දමාලා

රටදැය සරසන බුදුබණ අදහන
දරුවන් වගේ හැදීලා
හුරු ගති අත්හැර බලමැන අැස්හැර
ගුණදම් ගඟේ ගිලීලා
ගුණදම් ගඟේ ගිලීලා

ගායනය : ලෙස්ලි ශාන්ත ද අල්විස්
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් බාලසූරිය
වැඩි විස්තර මෙතැනින්

Wednesday, August 9, 2017

බිලිඳු හඬක උරුමය




වැලිබත් ඉදෙනා තරුණ්‍ය පිබිදි
හිරිමල්විය නෙතු ඇඳුණා....
පුංචිම සංදිය යලි සිහිවෙන සඳ
බිලිඳු හඬක උරුමය තිබුණා

බොනික්කන් නම් උකුලුතලා
අද බිලිඳුන්ගේ මුදු සුවයහනා
කිරිසුවඳක් පිඳු දෙතොල් අඟින්
දරු නැලවිල්ලක මුදු හඬ නඟනා

පුංචි වියේ මුඳු සිත් රැවටූ
සඳ රන් තැටියෙන් රන්කිරි ඉල්ලා
මෙදා ඇකයෙ රැදි බිළිඳුන් දරයි
අතීතයේ මතකයට හොරා........

වැලිබත් ඉදෙනා තරුණ්‍ය පිබිදි
හිරිමල්විය නෙතු ඇඳුණා....
පුංචිම සංදිය යලි සිහිවෙන සඳ
බිලිඳු හඬක උරුමය තිබුණා

ගී පද -වසන්ත කුමාර කොබවක
සංගීතය -තිස්සසිරි පෙරේරා
ගායනය -මාලිනී බුලත්සිංහල

Thursday, July 27, 2017

නිවන් පතන ලෝ දන වෙත



නිවන් පතන ලෝ දන වෙත
පවන් පොදක් ලෙසින් හැමුව
බුදු බන පදයෙන්
සත් වග සිත් සැනසේවා..

ලස්සන හැම දේම පැලද
මොහොතක සුව පතන ලොවට
සම්බුදු හිමි පෑ අනියත බව වැටහේවා...

සිත් තුල පොදි ගැසී තිබෙන
තිත් ගනදුර නිවා ලන්න
මෙත් මුදිතා අරුන රැසින නෙත් පෑදේවා..

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය - සරත් දසනායක
වැඩි විස්තර

නැගෙන විට සිහියට අතීතය



නැගෙන විට සිහියට අතීතය
තවම දෙනෙතින් කඳුළු උතුරයි
පැරණි නටඹුන් ඉදිරියේදී
ලේ නහර පණ පෙවී නලියයි...

එදා සිංහල කොඩිය සෙවනේ
ජාතියක් ගොඩ නැංවුණා
වහල් බැම්මෙන් බැඳුන දා රට
සිංහ කොඩියේ සිංහයා
එදා අඩපණ වී ගියා...

පුපුරවා හැර ඒ වහල් බැමි
යලිත් අප ජය ලබා ඇත්තෙමු
සිංහ කොඩියේ සිංහයා යලි
ප්‍රාණ වායුව ලබා හිනැහේ...

උපන් ලක්බිම සිංහ කොඩියයි
සිංහයින් මෙන් අවි දැරූ
රටේ අයිතිය රැක ගමු
රටේ අයිතිය රැක ගමු...

නැගෙන විට සිහියට...

ගායනය -  ඩී.ඩී ගුණසේන
ගී පද - ජිනදාස පෙරේරා
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
වැඩි විස්තර සඳහා

වීර මීමුතුන් හෙළූ




වීර මීමුතුන් හෙළූ ස්වර්ණ දාහයේ
නතීවාපි රළ ගයන්නේ යසෝ ගී ගැයුම්
නිදහසින් උදම් අනා නොනවතින් පුතේ
පුරන් කෙත් දිනේ දකින්න රන් කරල් රැගුම්

සිංදු සදිසි වැව් තනා අහස් දිය පුරා
මහිම ගොවි බීමේ එතෙරත් සහල් නැව් යැවූ
අහස් වදින සෑ රදුන් කොත් කිරුළු පලන්
වෙහෙර පිළිම දඹ රන්මය විශ්මිතයි තැනූ

අභිමනින් ඔද වැඩී පෙරටුවේ ඇදී
රුපුන් ඔද නසා නිජ බිම සුරැකි විරු පුතුන්
ඇදුණු අභිරූ මග යමින් සිග විකුම් තෙදින්
දෙසත් රැසත් අවදි කරමු බැති පෙමින් බැදී

ගායනය - යමුනා විනෝදිනී
පද රචනය - ජයම්පති අල්ගම
සංගීතය - එම් ආර් චූලසිංහ
වැඩි විස්තර සඳහා මෙතැනට යන්න

Friday, June 30, 2017

මල් පෙති දහසක්



මල් පෙති දහසක් ඉහිරුණු මාවත
අප පියමැන ගිය දින මතකයි
දේදුණු පැහැ ගත් සමනළ රෑනක්
අප නැළවූ සැටි තව මතකයි..
ආ..හා ආ..

මල් පෙති දහසක් දස අත විසිරුණු
නැවුම් සුවඳ තවමත් මතකයි..
අතිනත පටලා අප තෙපලූ බස්
මලින් මලට ඇසුනා මතකයි..
ආ..හා..ආ..

ලොවම එරෙහිවී ඔබ වෙන්වූ දින
සිත ඉකිබිඳ හැඬුවා මතකයි..
දිවිහිමියෙන් මා ඔබ වෙත පුද දුන්
සෙනෙහස මියගිය හැටි මතකයි..
ආ..හා..ආ..

ගායනය : සුජීවා ප්‍රියන්ති
පද රචනය : ලලිත් ගුණරත්න
සංගීතය : රෝහණ වීරසිංහ.