වෘන්දා වනේ යමුනා තෙරේ
රාධා තිගෙන් මා චංචල නොවේ
ගෝපී රැඟුම් මන මෝහන නොවේ
පා යුග සිරින් මන නන්දන නොවේ
රූසිරු බඳින් මන රංජන නොවේ
පෙන්වන්න රාධා මධුකර විත..
වෘන්දා වනේ යමුනා තෙරේ
වෘන්දා වනේ....
නාරි ලාලන කෝළ දේහිනි මා නුවන් කලඹා
පානු රංගන හාව භාගිනි කෘෂ්ණ හද සනහා
ගොපිකාවිය දිව්‍ය ප්‍රේමිය පුෂ්ප මණ්ඩපයේ
රඟන්න රූ සිරු පා...
වෘන්දා වනේ යමුනා තෙරේ
රාධා තිගෙන් මා චංචල වෙලා
ගෝපී රැඟුම් මන මෝහන කළා
පා යුග සිරින් මන නන්දන වෙලා
රූසිරු බඳින් මන රංජන වෙලා
පෙන්වන්න රාධා මධුකර විත..
පද රචනය: ප්‍රණීත් අබේසුන්දර
තනුව, සංගීතය හා ගායනය: සනත් නන්දසිරි
වැඩි විස්තර
No comments:
Post a Comment