Tuesday, October 16, 2018

ජෝන් ද සිල්වාගේ නාට්‍ය ගීත



මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වාට සහ නාවල දොන් මනුවෙල් දෝන ඉසබෙලා හාමිනේට දාව 1857 ජනවාරි 13වනදා උපන් දරුවා ජෝන් ද සිල්වා විය. පිටකෝට්ටේ ක්‍රිස්තියානි පාසලින් මූලිකඅධ්‍යාපනය ලැබූ ඔහු පසුව කොළඹ ඇකඩමියට ඇතුළුව වී උසස් අධ්‍යාපනය හැදෑරීය. ඉන්පසු සාන්ත ජෝන්විද්‍යාලයේත්, වෙස්ලි විද්‍යාලයේත් ඉංග්‍රීසි ගුරුවරයෙකුලෙස කටයුතු කරඇත. ගුරු වෘත්තියේ යෙදී සිටියදීම පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිවීම සිරිතක් කරගත් ඔහු ඒ තුළින්ජාත්‍යාලය සහ මවුබිමේ වටිනාකම කෙරෙහි ජනතා මනස අවදිකරවීමට කටයුතු කළේය. මේ අතරතුර නීතිය හැදෑරූ ඔහු පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු ආරම්භ කළේ සාහිත්‍ය හා ලේඛන කලාවට මූලිකත්වය දෙමිනි.

පිටකොටුවේ පිහිටි ෆ්ලවර්හෝල් නාට්‍ය ශාලාවේ දී එවකට නූර්ති නාට්‍යකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි සී. දොන් බස්තියන්ගේ නාට්‍යක් නැරඹීමෙන් නූර්ති කලාව කෙරෙහි ඇති වූ ගෞරවය නිසා නූර්ති නාට්‍ය කෙරෙහි ජෝන් ද සිල්වා නැඹුරු විය. 1885 දී සීමාසහිත ලංකා දේශීය නාට්‍ය සමාගම (Ceylon Oriental Dramatic Company Limited) නාට්‍ය සංගමය පිහිටුවන ලදී. ඒ තුළින් “නලරාජ චරිතය, රාමායණය, සීතාහරණය, දස්කොන් හා පරංගි හටන” නිර්මාණය විය. කාලයාගේ ඇවෑමෙන් මෙම නාට්‍ය සමාගමේ ක්‍රියාකාරිත්වය හීනවීම නිසා ඔහු විසින් 1902 දී “සිංහල ආර්ය සුබෝධ නාට්‍ය සභාව” ආරම්භ කරන ලදී. 1905 දී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිෂ්පාදිත සිරිසඟබෝ නාට්‍යයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලෞජි විසිනි. එම නාට්‍යයේ එන “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” යන ගීතය වර්තමානයේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ද, විශාරද නන්දා මාලනිය විසින් ද ගයා ඇති අතර මෙම ගීතය එදා සිට අද දක්වා අවුරුදු 110කට වැඩි කාලයක් ජනාදරයට පත්ව ඇත.

සිරිසඟබෝ චරිතය, ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු නාට්‍ය ගණනාවක් මෙම සංගමය තුළින් බිහිවිය. මෙම නාට්‍ය සංගමයේකටයුතු හීනවන විට 1913 දී “විජය රංග සභාව” පිහිටුවන ලදී. ඒ තුළින් “දේවානම්පියතිස්ස, අලකේශ්වර” ඇතුළු නාට්‍ය කිහියක්නිෂ්පාදනය විය. පසුව විජය රංග සභාව යන නම වෙනස් කර “ශ්‍රී ලංකා නාට්‍ය සභාව” යන නමින්කටයුතු කළහ. මෙම නාට්‍ය සභාව මඟින් “විදුර ජාතකය, කැප්පෙටිපොළ, දුටුගැමුණු චරිතය සහ කුස ජාතකය” නිෂ්පාදනය කරන ලදී. වර්තමානයේ නාට්‍යකරුවන් මුහුණපාන ගැටලු මෙන්ම එකලද ජෝන් ද සිල්වාට නාට්‍ය ක්ෂේත්‍රයේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.

චතුර කථිකයෙකු වූ එතුමා ජාත්‍යානුරාගය හා දේශීයත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ අයෙකි. තම නාට්‍ය දර්ශනවල විවේක කාලයේ දී වේදිකාවට නැගි ඔහු නාට්‍ය පිළිබඳ තොරතුරු බිඳක් පවසන අතරතුර ජාත්‍යානුරාගය සහ දේශීයත්වය පිළිබඳ අදහස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන ලද්දේ ඉතා සූක්ෂම ලෙසින්ය. එතුමාගේ සියලු නාට්‍ය සියලුම රසයන්ගෙන් යුක්තය. සෑම නාට්‍යයකම හාස්‍ය යොදාගෙන ඇත. උදාහරණ වශයෙන් සිරිසඟබෝ නාට්‍යයේ බම්මන්නාගේ චරිතයත්, ශ්‍රී වික්‍රම නාට්‍යයේ ඉලංගෙයි මොහොට්ටාලගේ චරිතයත් හුවා දැක්විය හැකිය. ඔහු හාස්‍ය යොදාගනු ලැබුවේ විඩාවට පත්වන ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගැනීමේ අදහසින් හා පාලක සමාජයට ප්‍රබලව දියයුතු පණිවුඩ හාස්‍ය මාර්ගයෙන් උපාහාසාත්මකව ඉදිරිපත් කිරීමටයි.


සිංහල සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක් දැරූ එතුමා නාට්‍යකරුවෙකු, කවියෙකු, කථිකයෙකු සහ ලේඛකයෙකු වශයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටි අයෙකි. 1880 දී විවාහපත් වූ එතුමාට එක් දියණියක් සහ පුතුන් දෙදෙනෙක් සිටි අතර බිරිඳගේ අකල් මරණය නිසා දෙවැනි විවාහය කරගන්නා ලදී. එම විවාහයෙන් එක් දියණියක් ලැබූ අතර එම බිරිඳ ද අකල් මරණයට පත්වීමෙන් තෙවැනි විවාහය කරගත් ඔහුට එම විවාහයෙන් දියණියන් දෙදෙනෙක් ලැබුණි. රටට, ජනතාවට මෙන්ම කලාවට ආදරය කළ සහ සුවිශාල සේවයක් කළ නීතිඥ ජෝන් ද සිල්වා මහතා 1922 ජනවාරි 28 වන දින අභාවප්‍රාප්ත විය. ජනවාරි මාසයේම ඉපිද ජනවාරි මාසයේම මියයෑම විශේෂ සිදුවීමකි. එතුමාගේ මරණය පිළිබඳ “සිංහල ජාතිය පුවත් පතේ” පළවූයේ මෙලෙසිනි. “ජාතිහිතෛෂී, සද්ගුණවත්, නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ මරණයෙන් ලක්දිවට සිදුවූ හානිය ඉවසිය නොහැක්කකි.
විස්තර දිනමිණෙන්


Friday, September 7, 2018

“තිරුවංගල්”


“තිරුවංගල්” වග තුග සෙවීම

මේ වචනය ගැන කළ සෙවිල්ල අනුව දැනට එන්න පුළුවන් නිගමනය තමයි, තවමත් මේ වචනය සිංහල, ද්‍රවිඩ හෝ මුස්ලිම් ශ්‍රී ලාංකීය ජන සමාජයේ භාවිතා වන තැනක් හරියට සොයා ගන්න බැරි බව. ඒ වගේම මේ වචනය ද්‍රවිඩ හෝ වෙනත් බසකින් බිඳුනා නම් ඒ ගැනත් අනුමාන මිස පිළිගත හැකි සාධකයක් තවම හමුවී නැති බව. මේ වචනේ සිංහල ලිඛිත සාහිත්‍යයේ අවස්ථා තුනක එන බව පැහැදිලියි. ඉන් මුල්ම යෙදුම කළ පරාක්‍රම කොඩිතුවක්කු (හරි වුනත් වැරදි උනත්) මේක වතුකරයේ ද්‍රවිඩ කාන්තාවන් නාසයට දමන කරාබුවට කියන නමක් කියන දැඩි විශ්වාසයකින් ඒ වචනේ යෙදුව බව පැහැදිළියි. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ 1970 දශකයේ වතුකරයේ මේ වචනේ එසේ භාවිතා වූ බවට තහවුරු කළ හැකි වෙනත් කෙනෙක් තවම හමු නොවීම. ඉන් පසුව තිරුවංගල් කියන වචනේ යොදපු මහින්ද චනද්‍රසේකර මේක කණේ දමන කරබුවක් කියලා උපකල්පනය කරලා තමයි යොදලා තියෙන්නේ. ඉන් පසුව තිරුවංගල් යොදපු රත්න ශ්‍රී විජේසිංහ මෙය කණේ පළඳින මැණික් ගලක් සහිත ආභරණයක් හෝ වඩාත් පැහැදිලිව කිවුවොත් කරාබුවක ඇති මැණික් ගලක් කියලා උපකල්පනය කරලා තියෙන්නේ. හැබැයි එකක් පැහැදිලියි රත්න ශ්‍රී වාගේම මහින්දත් තිරුවංගල් කියන වචනේ පාවිච්චි කළේ කණේ පළඳින ආභරණයක් හෙවත් කරාබුවක්, අරුන්ගලයක් හෝ කඩුක්කමක් කියන අරුතින්. නමුත් අද වෙන කොට මේ වචනේ ඒ අර්ථයෙන් සමාජය පිලි අරන් තියන බව පේනවා. එහි අර්ථය cliche එකක් බවට පත් වෙලා තිබුණත් ජනතාව එය අවබෝධ කර ගන්නේ කණේ දමන කරාබුවක් හෝ විශේෂිතව කිවුවොත් මැණික් ගලක් සහිත කරාබුවක් ලෙස බව පේනවා. ඒක එහෙම නම් ඒ අරුතින් මේක සිංහල ශබ්ද කෝෂයට එක වුනාවේ පරාක්‍රම කොඩිතුවක්කු මහත්තයා හදා ගත්තු වචනයක් වුනත්.

කෝකිල සංදේශ කවි පොතේ


සිංහල ගීත හා සංදේශ කියන මාතෘකාව දැක්ක ගමන්ම මගේ මනසේ රැව් පිළිරැව් දෙන ගීත තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න තමයි අජන්තා රණසිංහ රචනා කර ප්‍රියා සූරියසේනගේ තනු සහ සංගීත නිර්මාණයෙන් අප අතරට එන “ගෙල වට බැන්දා වූ මුතු පොටේ” ගීතයේ නිරංජලා සරෝජිනීගේ ළගන්නා හඬින් අප ළය මානයන්හී රැඳී ඇති “කෝකිල සංදේශ කවි පොතේ - ඔය වැනි උපමා ද තව ඇතේ” ගීත ඛණ්ඩය.
දෙවැනි ගීත ඛණ්ඩය තමයි කරුණාරත්න අබේසේකරගේ පද රචනයෙන් තිලකසිරි ප්‍රනාන්දුගේ තනු නිර්මාණයෙන් අපට දායාද වූ “එන්න මද නලේ” ගීතයේ තිලකසිරි ප්‍රනාන්දු විසින්ම ශෝකී ලය මානයකින් ගායනා කරන “සෝක පණිවිඩය යවන්න ආදරිය බලා - කාලිදාස කිවිඳු මේඝ දූතයක් කලා” කියන කොටස සහ “සංදේශයකින් යවන්න මෙ දුක උන් අතේ - හංස ගිරා ලිහිණි කොවුල් ‍කුරුල්ලන් නැතේ” කියන කොටස.
ඒ වගේම තුන් වැනියට රූපා ඉන්දුමතී ගයන සුනිල් ආරියරත්න පද රචනය කළ, තනුව කාගේ දැයි හරියට සොයා ගත නොහැකි වූ “දේශයෙන් දේශේ බලා” ගීතයේ, “සංදේශයක් ලියා එවමි කා අතේ සැළලිහිණියෝ, රණ හංසයො කුරුල්ලන් නැතේ” සහ “පෙම් දූතයෙක් කලා එදා මේඝයක් පවා” කියන කොටස් දෙකත් අපේ මතකයට එනවා.
සංදේශ කාව්‍ය වල වගේම වෙනත් පුරාණ පද්‍ය සාහිත්‍යයේ භාවිතා වුන රසවත් යෙදුම් මෙන්ම පද සංකලනත් අපේ ගේය පද රචකයෝ අප සියලු දෙනාගේම හදවත් සුව පත් කරන දිව ඔසුවක් වන ගීත නිර්මාණය කිරීමේ දී අඩු වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. මේ ගීත හා ඊට ආලෝකය ලැබුවා යැයි සිතන කවි එකින් එක විමසා බලමු.

Sunday, January 7, 2018

අපේ අම්මා...


අපේ අම්මා කිරි කට්ටිය කපලා
එනවා කීයක් හරි ඇත මිටලා
ඒ බත් වැටුපෙන් දු දරුවන් හැදුවයි
උන්දැ තවමත් බඩගිනි උහුලයි

මගේ ඔප්පු පැල කොනේ දිරනවා
පොලෝ පලාගෙන යන්න හිතෙනවා
අතක් පයක් ඇත වැඩක් පලක් නැත
මොකක් කරන්නෙයි කියන්නේ දැන්

අපේ චක්කරේ අගක් මුලක් නෑ
ගැසූ පදත් නෑ බෙරේ හමත් නෑ
නගා මැලෑ සා දුකින් හඬනවා
නිකම්ම ඉන්නේ කොහොමෙයි මන්

ගී පද - ප්‍රණීත් අබේසුන්දර
සංගීතය /ගායනය - සනත් නන්දසිරි
වැඩි විස්තර

වෘන්දා වනේ


වෘන්දා වනේ යමුනා තෙරේ
රාධා තිගෙන් මා චංචල නොවේ
ගෝපී රැඟුම් මන මෝහන නොවේ
පා යුග සිරින් මන නන්දන නොවේ
රූසිරු බඳින් මන රංජන නොවේ
පෙන්වන්න රාධා මධුකර විත..
වෘන්දා වනේ යමුනා තෙරේ
වෘන්දා වනේ....

නාරි ලාලන කෝළ දේහිනි මා නුවන් කලඹා
පානු රංගන හාව භාගිනි කෘෂ්ණ හද සනහා
ගොපිකාවිය දිව්‍ය ප්‍රේමිය පුෂ්ප මණ්ඩපයේ
රඟන්න රූ සිරු පා...

වෘන්දා වනේ යමුනා තෙරේ
රාධා තිගෙන් මා චංචල වෙලා
ගෝපී රැඟුම් මන මෝහන කළා
පා යුග සිරින් මන නන්දන වෙලා
රූසිරු බඳින් මන රංජන වෙලා
පෙන්වන්න රාධා මධුකර විත..

පද රචනය: ප්‍රණීත් අබේසුන්දර
තනුව, සංගීතය හා ගායනය: සනත් නන්දසිරි
වැඩි විස්තර

Friday, December 1, 2017

අන්ධකාරයි වැසුණු දෑසක් සේ

Image may contain: one or more people, people standing, ocean, sky, cloud, outdoor and water

අන්ධකාරයි
වැසුණු දෑසක් සේ
නොපෙනේ ඉර හඳ
මගෙ සොඳුරු අහසේ..

සිතේ උණුසුම් පැතුම් පොරකන
සිත තුළේ මැරී මැරී ඉපදේ
සීත සුව සෙව් සැදුනු රුක්වල
ජීවේ ඇනි ඇනි දෑස තෙත් වේ..

බිඟුන් මී බැඳී සිනිදු මල් ඇති
සුවඳ පිරි රජ දහන සෙව්වෙමි
චණ්ඩ සයුරක රුදුරු රළ පෙළ
අතර මැඳි වුනු පරඩලක් වෙමි ....

ගායනය -වික්ටර් රත්නායක
ගී පද - ?
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
වැඩි විස්තර මෙතැනින්

Tuesday, September 12, 2017

බිංදු බිංදු රන් ගෝමර මාලා


ජන කවි ආශ්‍රිතව බිහි වුන සින්දු අපේ හද ගන්නේ ජන කවිය තුළ අපට ඇති කිට්ටු බව හා ජන විඥානය නිසා ද කියලා හිතෙනවා. ජන කවි ආශ්‍රයෙන් නිර්මාණය වූ ගීත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ජන කවි නාද රටා ඇසුරෙන් සංගීතය නිර්මාණය කොට ඇති ගීත. අනික තමයි ජන කවි ඇසුරෙන් පද මාලා රචනා කොට ඇති ගීත. ජන කවි ඇසුරෙන් පදමාලාව රචිත ගී සමහරක ජන ගී නාද මාලා භාවිත කරලා නැහැ (උදා - මිනි මිනි පොදේ). ජන නාද රටා ඇති ගීත සියල්ලකම පදමාලාවන් ජන කවි ඇසුරෙන් ලියා ඇත්තේ ද නැහැ (උදා - රුක් අත්තන මල මුදුනේ). මෙම කවි/ගීත එකතුවේ ඇතුළත් වන්නේ පළමු වර්ගයට අයත් ජන කවියේ පද වලින් ඍජුවම හෝ ඉතා සුළු වශයෙන් ගී පද වලට ආභාසයක් ලබුවා කියලා හිතෙන ගීත විතරයි. සමහර විට ගීතයේ යම් පද කිහිපයක් පමණක් ජන කවියකට සමාන හෝ ජන කවියක් මතක් වෙන ගීතත් දාලා ඇති (උදා: බණ්ඩාර මැණිකේ). ගී තනුවට ජන කවියේ ආබාසය ලැබූ ගීත මෙම ලැයිස්තුවට ඇතුළත් නොවුනත් ඉඳ හිට ඒ වර්ගයේ එකක් දෙකක් දාලා ඇති.